Daraz වෙතින් ශ්‍රී ලංකා­වට 11. 11 ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන | Page 2 | සිළුමිණ

Daraz වෙතින් ශ්‍රී ලංකා­වට 11. 11 ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන

ලොව ප්‍රමු­ඛ­තම අන්ත­ර්ජා­ල­ගත පාරි­භෝ­ගික භාණ්ඩ අලෙවි සමා­ග­මක් වන Daraz.lk විසින් ලොව විශා­ල­තම විකු­ණුම් දිනය ලෙස සැල­කෙන “11.11” ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන මේ වස­රේ­දීත් ශ්‍රී ලංකා­වේදී පැවැ­ත්වී­මට සූදා­නම් වෙයි. මෙරට අන්ත­ර්ජා­ල­ගත අලෙවි ක්ෂේත්‍රයේ නව පරි­ච්ඡේ­ද­යක ඇර­ඹුම සට­හන් කර­මින්, Daraz“11.11” ප්‍රව­ර්ධන වැඩ­ස­ට­හන ඉම­හත් පාරි­භෝ­ගික ප්‍රති­චාර මැද පසු­ගිය 2018 වස­රේදී පළ­මු­ව­රට අති සාර්ථ­කව පව­ත්වන ලදී. ‘Daraz ශ්‍රී ලංකාවේ මෙහෙ­යුම් අරඹා 3 වන වසර සම්පූර්ණ වන විට විශාල අලෙ­වි­ක­රු­වන් ප්‍රමා­ණ­යක් සහ භාණ්ඩ රැසක් අන්ත­ර්ජා­ලයේ එකම තැනක එක­මුතු කර, ශ්‍රී ලාංකි­ක­යන් අන්ත­ර්ජාල මිලදී ගැනීම් කෙරෙහි දිරි­ග­න්ව­මින්, ශ්‍රී ලාංකීය අන්ත­ර්ජාල වෙළෙ­ඳ­පොළ නව­තම පිබි­දි­මක් ඇති­ක­ර­ලී­මට සමත්ව සිටියි. Daraz සමග එක්ව සිටින අලෙ­වි­ක­රු­වන් ප්‍රමා­ණය 8000 සිට 26, 000 දක්වා වර්ධ­නය වී ඇත්තේ සෑම මාස­ය­ක­දීම දහස් ගණ­නින් අලෙ­වි­ක­රු­වන් Daraz වටා එක් රොක් වෙමිනි.

Comments