අන්ත­වා­දීන් සමඟ ගිවි­සුුුුම් හෙළි කරන්න සජි­ත්ගෙන් මහි­න්දට අභි­යෝ­ග­යක් | සිළුමිණ

අන්ත­වා­දීන් සමඟ ගිවි­සුුුුම් හෙළි කරන්න සජි­ත්ගෙන් මහි­න්දට අභි­යෝ­ග­යක්

න්ත­වාදී කණ්ඩා­යම් හා පිරිස් සමඟ ඇති ගිවි­සුම් හෙළි කරන ලෙස නව ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණේ ජනා­ධි­පති අපේ­ක්ෂක සජිත් ප්‍රේම­දාස මහතා විපක්ෂ නායක මහින්ද රාජ­පක්ෂ මහ­තාට අභි­යෝග කර­මින් ලිපි­යක් යොමු කර ඇත.

ඒ අනුව පිල්ල­යාන්, වර්ධ­රාජා පෙරු­මාල්, කරුණා අම්මාන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සමඟ ඇති රහස් ගනු­දෙනු හා ගිවි­සුම් හෙළි කරන ලෙස ඔහු අභි­යෝග කර තිබේ. විශේ­ෂ­යෙන්ම නත්තල් උත්ස­ව­යේදී යාඥා කර­මින් සිටි පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ඝාත­නය කළ පිල්ලෙ­යාන් එයින් නිද­හස් කරන බවට පොරොන්දු වීමට හේතුව, වර්ධ­රාජා පෙරු­මාල් සමඟ ඇති රහස් ගනු­දෙ­නුව මෙන්ම කරුණා අම්මාන් සමඟ ඇති රහස් ගනු­දෙ­නුව හෙළි කරන ලෙස සජිත් ප්‍රේම­දාස මහතා විසින් මහින්ද රාජ­පක්ෂ මහ­තාට දන්වා ඇත.

එසේම එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාස්කු ඉරිදා ප්‍රහා­ර­යට සම්බ­න්ධිත ත්‍රස්ත­වා­දි­යෙකු බව පැව­සු­වත් තම සහෝ­ද­ර­යාට දෙවන ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔහුගේ ආධා­ර­ක­රු­ව­න්ගෙන් ඉල්ලා සිටීම වෙනු­වට ඔහුට ලබා දුන් රහ­සි­ගත පොරො­න්දුව කුමක්ද? යන්නද ඔහු විමසා සිටී.

ශ්‍රී ලංකාවේ එක්සේ­ස­ත්කම, භෞමික අඛ­ණ්ඩ­තාව සහ ස්වෛරී­භා­ව­යට ලොකුම තර්ජ­නය එල්ල වන්නේ අන්ත­වා­දීන්ගේ කල්ලි­ව­ලින් බවත් ඔවුන්ගේ බලය තහ­වුරු කර ගැනීම සඳහා ඔවුන් අපේ ජන­තාව බිය ගැන්වී­මට හා බෙදීම ඇතු­ළුව ඕනෑම දෙයක් කිරී­මට ඔවුන් සූදා­න­මින් සිටින බවත් මහින්ද රාජ­පක්ෂ මහතා මෙහෙ­ය­වන දේශ­පා­ලන සන්ධා­නය මෙරට තුළ මෙතෙක් දැක ඇති සෑම අන්ත­වාදී වර්ග­ය­කින්ම පිරී තිබෙන බවද සජිත් ප්‍රේම­දාස මහතා පෙන්වා දී තිබේ.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට විවා­ද­ය­කට මුහුණ දීමට හෝ කිසි­යම් වැද­ගත් ප්‍රශ්න­ය­කට පිළි­තුරු දීමට ධෛර්යය නොමැති බැවින්, ඉහත සඳ­හන් ප්‍රශ්න­ව­ලට ඔහු නොදෙන පිළි­තුරු, හිටපු ජනා­ධි­පති වරයා මෙන්ම ඔහුගේ මැති­ව­රණ ව්‍යාපා­රයේ මුලින්ම සිටින විපක්ෂ නායක වරයා විසින් ලබා දිය යුතු බවට සජිත් ප්‍රේම­දාස මහතා පව­සයි. සජිත් ප්‍රේම­දාස මහතා විසින් යොමු කරන ලද ලිපියේ මෙසේද දැක්වේ.

Comments