2019 ඔක්තෝබර් 01, කොළඹ: OPPO Sri Lanka සමාගම සිය නවතම දුරකථන වන OPPO A 9 2020 සහ OPPO A 5 2020 දුරකථන මාදිලි මෙරට අලෙවි කිරීම පසුගියදා නිල වශයෙන් ආරම්භ කළේ ය. ඒ සඳහා විශේෂ උත්සවයක් කොළඹ මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයේ දී පැවැත්විණි. OPPO A9 2020 දැන් වෙළඳ පොළේ ඇති 8GB RAM සහ Quad-Camera set-up සමගින් එන වඩාත්ම සහනදායී මිලට ලබාගත හැකි දුරකථනය වන අතර OPPO A5 2020 දැන් වෙළඳ පොළේ ඇති Quad-Camera සහිත වඩාත්ම සහනදායී මිලට ලබාගත හැකි දුරකථනය ලෙස සැලකිය හැක.
මෙම දුරකථන ප්‍රථම වරට මිලදීගත් පාරිභෝගිකයන්ට, මෙරට ජනප්‍රිය තරු දෙකක් වන ලවාන් අභිෂේක් සහ සඳනි ප්‍රනාන්දු වෙතින් එම දුරකථන ලබාගැනීමට හැකි විය. මීට පෙර ලවාන් සහ සඳනි OPPO A9 2020 දුරකථන පෙළ මෙරටට හඳුන්වා දීමේ අවස්ථාවටද එක්වූහ. පාරිභෝගිකයන්ට මෙම තරු සමඟ සෙල්ෆි ඡුායාරූප ලබාගැනීමටද අවස්ථාව හිමිවූ අතර ඔවුන්ගෙන් සමරු අත්සන ලබාගැනීමටද හැකිවිය. ඊට අමතරව දුරකථන මිලදීගත් සෑම පාරිභෝගිකයෙකුටම විශේෂ ත්‍යාගද පිරිනමන ලදි.
මෙම උත්සවයේ දී ලවාන් සහ සඳනිගේ සහභාගීත්වය සහිතව PUBG ඇතුළු තවත් ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා තරග මාලාවක්ද පවත්වන ලදි.