මවු පියන් වෙනු­වෙන් ‘උත්තම දළදා’ මෙවරත් | Page 2 | සිළුමිණ

මවු පියන් වෙනු­වෙන් ‘උත්තම දළදා’ මෙවරත්

නිර­න්ත­ර­යෙන් දේශයේ පෝෂ­ණය වෙනු­වෙන් ඇප කැප වී සිටින සෙර­න්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමා­ගම පසු­ගිය මහ­නු­වර ඇසළ පෙර­හර උත්ස­වය නිමිත කර­ගෙන තවත් සුවි­ශේෂී ආය­ත­නික සමාජ සත්කාර වැඩ­ස­ට­හ­නක් දියත් කළේය. ‘උත්තම දළදා’ නමින් සිදු කෙරුණු මෙම සුවි­ශේෂී වැඩ­ස­ට­හන යටතේ 100 දෙනෙ­ක්ගෙන් යුත් වයෝ­වෘද්ධ ජේයෂ්ඨ පුර­වැ­සි­යන් කණ්ඩා­ය­මක් ඇසළ උත්ස­වය දැක­බලා ගැනීම සඳහා මහ­නු­වර නග­රය වෙත වන්දනා චාරි­කා­වක රැගෙන යාමට සෙර­න්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමා­ගම කට­යුතු යොදා තිබිණි.

දිව­යින පුරා විවිධ ප්‍රදේ­ශ­ව­ලින් තෝරා­ගත් මෙම වැඩි­හි­ටි­යන් පිරිස මූල්‍ය­මය හා ශාරී­රික ආදී විවීධ හේතු මත මෙවන් උත්ස­ව­යක් දැක­බලා ගැනී­මට අසීරු තත්ත්ව­යක් සිටි පිරි­සකි.

දේශය පෝෂ­ණය කිරීම වෙනු­වෙන් සිය තුරුණු වියේ ගත, සිත, ශ්‍රමය යෙදවූ මෙම වැඩි­හි­ටි­යන් පිරි­සට උප­හා­ර­යක් වශ­යෙන් මෙම වැඩ­ස­ට­හන සංවි­ධා­නය කළ සෙරෙ­න්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමා­ගම ඔවුන්ට අවශ්‍ය සියලුම පහ­සු­කම් නොඅ­ඩුව ඉතා ආද­ර­යෙන් ලබා­දී­මට කට­යුතු කළේය.

Comments