වසර 18 ක් සපිරෙන සැප්තැම්බර් 11 ප‍්‍රහාරය | Page 2 | සිළුමිණ

වසර 18 ක් සපිරෙන සැප්තැම්බර් 11 ප‍්‍රහාරය

අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල වූ සැප්තැම්බර් 11 ප‍්‍රහාරයට අදට වසර 18 ක් සපිරෙයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් රැසක් සංවිධානය කර ඇති බවයි.

ප‍්‍රධාන සැමරුම් උත්සවය අමෙරිකානු වේලාවෙන් උදෑසන 08.25 ට මෑන්හැටන්හි පිහිටි 9.11 අනුස්මරණ කෞතුකාගාරයේදී සංවිධානය කර තිබේ.

අමෙරිකානු ඉතිහාසයට කලූ පැල්ලමක් ඉතිිරි කරමින් අල් කයිඩා ත‍්‍රස්ත සංවිධානය විසින් එල්ල කළ මෙම ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 2996 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6,000 ක්. 2001 වසරේ අද වැනි දිනක නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ මෙම ප‍්‍රහාරය සඳහා යොදා ගැනුණේ පැහැර ගත් අමෙරිකානු මගී ගුවන් යානයයි.

 

Comments