UiPath සමා­ගමේ මෙරට බෙදා­හැ­රී‍ෙම් හවු­ල්කරු EGUARDIAN | Page 2 | සිළුමිණ

UiPath සමා­ගමේ මෙරට බෙදා­හැ­රී‍ෙම් හවු­ල්කරු EGUARDIAN

ලොව ප්‍රමු­ඛ­තම ව්‍යාපා­රික ක්‍රියා­වලි රොබෝ ස්වයං­ක්‍රී­ය­ක­ර­ණය කරන (Robotics Process Automation - RPA) සමා­ග­මක් වන UiPath සමා­ගම එහි ශ්‍රී ලංකා බෙදා­හැ­රීම් හවු­ල්කරු වශ­යෙන් EGUARDIAN සමා­ගම පත් කර ඇති බව නිවේ­ද­නය කරයි. නව සම්බ­න්ධ­තා­වය යටතේ EGUARDIAN සමා­ගම මේ වෙනු­වෙන්ම කැප කරන ලද විශේෂ කණ්ඩා­ය­මක් හරහා සිය ප්‍රති­අ­ලෙ­වි­ක­රු­වන් ජාලයේ උප­රිම සහය UiPath ව්‍යාපා­රය වර්ධ­නය කිරීම සඳහා ලබා ගැනී­මට කට­යුතු කරනු ඇත.

ජාත්‍ය­න්තර මෘදු­කාංග ක්ෂේත්‍රය තුළ වේග­යෙන්ම වර්ධ­නය වන වෙළ­ඳ­පො­ළක් වන්නේ රොබෝ ක්‍රියා­වලි ස්වයං­ක්‍රී­ය­ක­ර­ණ­යයි. ඨ්රඑ­බැර පර්යේ­ෂණ ආය­ත­න­යට අනුව රොබෝ ක්‍රියා­වලි ස්වයං­ක්‍රී­ය­ක­රණ මෘදු­කාංග ක්ෂේත්‍රයේ ආදා­යම 2018 වස­රේදී ඇ.ඩො. මිලි­යන 846 ක් දක්වා 63.11% කින් වර්ධ­නය වූ අතර 2019 වර්ෂ­යේදී ඇ.ඩො. බිලි­යන 1.3 ක් දක්වා අඛ­ණ්ඩ­වම වර්ධ­නය වීමට නිය­මි­තය.

Comments