බස්නා­හිර පළාත් උපා­ධි­ධාරි ගුරු­ප­ත්වීම් ප්‍රදා­නයේ තොර­තුරු ලබා නොදෙන්නේ ඇයි? | Page 2 | සිළුමිණ

බස්නා­හිර පළාත් උපා­ධි­ධාරි ගුරු­ප­ත්වීම් ප්‍රදා­නයේ තොර­තුරු ලබා නොදෙන්නේ ඇයි?

බස්නා­හිර පළාතේ පාස­ල්වල පව­තින ගුරු පුර­ප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වන පන්තියේ 1 ශ්‍රේණි­යට උපා­ධි­ධා­රීන් ගුරු­ව­රුන් ලෙස බඳවා ගැනීමේ (කලා) තරග විභා­ගය (2014) 2014.12.27 දින පැවැ­ත්විණි. ඉහත තරග විභා­ග­යෙන් ලකුණු 118ක් ලැබූ මම, 2016.10.24 දින බත්ත­ර­මුල්ල, මහ­වී­දියේ පිහිටි බස්නා­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ පැවති සම්මුඛ පරී­ක්ෂ­ණ­යට සහ­භාගි වුණෙමි.

ඉන්පසු මේ පිළි­බ­ඳව මා වෙත කිසිදු දැනුම් දීමක් සිදු නොවුණි. පසු­කා­ලී­නව ලකුණු 118ට අඩු­වෙන් ලකුණු ලබා ගත්ත­වුන්ට පවා ගුරු පත්වීම් ලැබුණු බව දැන ගත හැකි විය.

ඒ අනුව 2016 අංක 12 දරන තොර­තුරු දැන­ගැ­නීමේ අයි­ති­වා­සි­කම පිළි­බඳ පනත යටතේ මෙම ගුරු පත්වීම් ලබා දීම පිළි­බ­ඳව බත්ත­ර­මුල්ල, රන්ම­ඟ­පායේ පිහිටි බස්නා­හිර පළාත් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ තොර­තුරු නිල­ධාරී වෙතින් කරුණු විම­සීමි. ඒ අනුව මා විසින් ඉල්ලන ලද තොර­තුරු බස්නා­හිර පළාතේ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නොමැති බැවින්, අදාළ තොර­තුරු බස්නා­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභා­වට යොමු කර ලබා ගන්නා ලෙස දන්වන ලදී.‍‍

ඒ අනුව බස්නා­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ තොර­තුරු නිල­ධාරී වෙත 2018.07.05 දින ලිපි­යක් යොමු කර­මින් කරුණු 08ක් යටතේ, තොර­තුරු ඉල්ලා සිටි­යෙමි.

මාගේ විම­සී­මට අනුව බස්නා­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ තොර­තුරු නිල­ධාරී විසින් තොර­තුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීම, තොර­තුරු ඉල්ලීම භාර­ගත් බව දැන්වීම සහ තොර­තුරු ලබා­දීමේ කාලය දීර්ඝ කිරීම යන ශීර්ෂ යටතේ මා වෙත පිළි­තුරු ලිපි එවා තිබුණි.

නමුත් බස්නා­හිර පළාත් රාජ්‍ය සේවා කොමි­ෂන් සභාවේ තොර­තුරු නිල­ධාරී විසින් දන්වනු ලැබූ අම­තර දින 21 ද පසු වී මාස තුන­කට අධික කාල­යක් ගත වුවත්, අදාළ තොර­තුරු නොල­ද්දෙමි. එනිසා, යළිත් ඒ පිළි­බ­ඳව සිහි කැඳ­වීමේ ලිපි­යක් 2018.12.31 දින යොමු කළෙමි. එම ලිපිය ද යොමු කර මාස 06කට අධික කාල­යක් ගතව ඇති නමුත් කිසිදු පිළි­තු­රක් මා වෙත නොලැ­බිණි. එනිසා මේ පිළි­බ­ඳව තොර­තුරු දැන­ගැ­නීමේ කොමි­ෂන් සභාවේ අව­ධා­නය යොමු කර­වී­මට ද ක්‍රියා කර ඇත.

2015 දී බල­යට පත් යහ­පා­ලන ආණ්ඩුව, 2016 අංක 12 දරන තොර­තුරු දැන­ගැ­නීමේ අයි­ති­වා­සි­කම පිළි­බඳ පනත සම්මත කොට තහ­වුරු කළේ ජන­තා­වගේ තොර­තුරු දැන­ගැ­නිමේ අයි­ති­වා­සි­ක­මයි. එකී අයි­ති­වා­සි­කම තඹ දොයි­තු­ව­ක­ට­වත් මායිම් නොකර, ජනතා සේවය මඟ­හ­රි­මින් ජන­තා­වගේ බදු මුද­ලින් පඩි­කන මෙවැනි අකා­ර්ය­ක්ෂම රාජ්‍ය නිල­ධා­රීන් සමස්ත ‍රාජ්‍ය සේව­ය­ටම අප­කී­ර්ති­යක් එක් කර­නවා නොවේද?

ආර්.ඒ. නය­නා­නන්ද

Comments