ගෝඨාභයගේ ඡන්දය සහ පුරවැසිකම ගැන සී අයිඩියෙන් පරීක්ෂණ | Page 4 | සිළුමිණ

ගෝඨාභයගේ ඡන්දය සහ පුරවැසිකම ගැන සී අයිඩියෙන් පරීක්ෂණ

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් යෝජනා වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේදී ඇමෙරිකානු පුරවැසියකුව සිටියදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදමුලන පවුලේ නිවසේ ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් වූ ආකාරය සහ ඔහුට නව විදේශ ගමන් බලපත්‍රයක් හිමි වූ ආකාරය සම්බන්ධයෙන් ලද පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රහස් පොලිස් නිලධාරීන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාල ආශ්‍රිතව තම පරීක්ෂණ සිදු න අතර ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන්ද විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට අදාළ තොරතුරු ඉල්ලා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සිළුමිණට අනාවරණය කළේය.

Comments