කළමනාකරණ හා ව්‍යාපාර අධ්‍යයන ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්රදානෝත්සවය පසුගිය දා කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. එම අවස්ථාවට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති මහාචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය ජයරත්න හා කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා එදිරිසිංහ මහත්වරු සම්භාවනීය ආරාධිතයන් ලෙස සහභාගි වූහ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ දයා බණ්ඩාර කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය්‍ය ගුණේන්ද්‍ර ගයන්ත, ගම්පහ යශෝදරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ගයානි වත්සලා, ගම්පහ ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති සරත් වසන්ත, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා නියෝජිත Thariq Khan යන මහත්ම මහත්මීහු විශේෂ ආරාධිතයන් ලෙස සහභාගි වූහ.