යතීන්ද්‍ර පූජා උපහාර උලෙළ | Page 2 | සිළුමිණ

යතීන්ද්‍ර පූජා උපහාර උලෙළ

කථා­නා­යක කරු ජයසූ­රිය මහතා වෙත ත්‍රෛනි­කා­යෙන්ම ගෞරව නාම සම්මු­තින් පිරිනැමීම නිමිති කොට­ගෙන ඊට කෘත­ගුණ පුජා දැක්වීමේ අර­මු­ණින් පසු­ගි­යදා බණ්ඩා­ර­ණා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී යතීන්ද්‍ර පූජා උපහාර උලෙළ සංවි­ධා­නය කර තිබිණි.

ඒ සඳහා මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු­නා­යක දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම අනු නා හිමි, ශ්‍රී ලංකා අම­ර­පුර නිකායේ කොටු­ගොඩ ධම්මා­වාස මහා නා හිමි සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නාපානේ පේම­සිරි මහා නා හිමි­යන් ඇතුළු ත්‍රෛනි­කා­යික මහා සංඝ­ර­ත්නය සහ­භාගි වී සිටි අතර, අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ, හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග, බුද්ධ­ශා­සන අමාත්‍ය ගාමිණි ජය­වි­ක්‍රම පෙරේරා සහ ආචාර්ය ඒ.ටී. ආරිය­රත්න යන මහත්ම මහ­ත්මින් ඇතුළු ආරා­ධි­තයෝ ඊට සහ­භාගි වී සිටි­යහ.

Comments