‍අවම ‘බජට්වලින්’ හැදෙන ටෙලිනාට්‍ය ප්‍රමිතියෙන් බාලයි | Page 2 | සිළුමිණ

‍අවම ‘බජට්වලින්’ හැදෙන ටෙලිනාට්‍ය ප්‍රමිතියෙන් බාලයි

‘සක්කාරං’ ටෙලිනාට්‍යයේ ටිකිරි බණ්ඩා

ඇතුගල්පුරයෙන් කලා ලොවට පිවිසි ඔහු චන්දන ඉරුගල්බණ්ඩාර ය. බලල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතරවාරයේ 1977 පොල්ගහවෙල නිර්මාණි සිනමා සංස්කෘතික පර්ෂදයේ රංගන පාසලට සම්බන්ධ වූයේ පාසල් ජීවිතයට සමුදෙමිනි. වසර 3 ක් රංගනය හැදෑරීමෙන් පසුව මිතුරන් සමඟ එක්ව කුරුණෑගල නගරයේ වේදිකා නාට්‍ය රඟදැක්වීමට එක්වූයේ ය.

මේ දිනවල විකාශනය වන අරුණ ජයවර්ධනගේ ‘සක්කාරං’ ටෙලිනාට්‍යයේ ටිකිරි බණ්ඩාර මුදලාලිගේ චරිතයට ජීවය දෙන්නේ ඔහු ය‍. වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය නළුවකු ටෙලිනාට්‍ය හා චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයකු, වෙළෙඳ දැන්වීම් සහාය අධ්‍යක්ෂවරයකු ලෙස රංගන දිවියේ දුර ගමනක් සපැමිණි චන්දන ඉරුගල් බණ්ඩාරයන්ගේ රංගන ගමන් මග හැඩ විය.

“කුරුණෑගල ටවුන් එකේ නාට්‍ය කරද්දී, මුහුණ දෙන්නට සිදුවූ අභියෝග නම් නිමක් නෑ. අම්මලා, තාත්තලා එක්ක පවුලේ 10 දෙනෙක්. තාත්තා ගොවිතැන් ක‍ළේ‍. ඒ කාලේ ඉඳන් ම චිත්‍රපට බලන්න ආසයි. 1997 තමයි මුලින් ම කලා කෙතට පිවිසුණේ. ඒ නාට්‍ය ශිල්පී ජයලාල් රෝහණ, සිනමාවේදී ෂෙල්ටන් පයාගල මහත්වරුන්ගේ ‘දිරිය කැදැල්ල’ වැඩමුළුව හරහා.

‘දේව දහරේ’ ටෙලිනාට්‍යයේ තමයි මුලින් ම රඟපෑවේ. සපුමලී, ඕලු - 2, හිරු දරුවෝ, One way දියමත ලියමි, මෞන යාගය, සිරියාවතී සමඟ දිය රකුසෙක්, මංසල, පිංකම, මහනුගේ, සබඳ බබානිස්, කැළෑ හඳ, ටෙලිනාට්‍යවල රඟපෑවා. බුබුළ, ප්‍රකෘති, නටබුන්, අයදුම, මතක යන්ත්‍රය, අභිනිවේෂ, හොරු සමඟ හෙලුවෙන් පාරේ ලගින උන්, සිහින වෙළෙන්දා, මට නිදහස එපා, ගුත්තිලේ හැම්ලට්, උත්තමාභිවන්දනා, ද ඩිපාර්ට්මන්ට් වේදිකා නාට්‍යවල රඟපෑවා.

සමුගත් සමුගැන්ම, අවසන් ජවනිකාව, මරණය හා හෘද සාක්ෂිය, ඇසල සඳ මල්වරයි යන වේදිකා නාට්‍යය චන්දන අතින් නිර්මාණය වූ අතර. තේජා, භගිනි, සුමී චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂ වූයේ ද චන්දනය.

මම නොවෙයි මම, සෙනෙහසකට ආදරෙයි, නරවිරු දුටුගැමුණු, ඇහි පිල්ලමක් යට, දියමත ලියමි. මෞන යාගය, හිරු දරුවෝ, One way, සිරියාවතී සමඟ දිය රකුසෙක්, සක්කාරං චන්දනගේ සහාය අධ්‍යක්ෂණයෙන් හැඩව‍ූ ටෙලි සිත්තම් අතර වෙයි. චන්දන වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වසර 10 පමණ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන චන්දන. හඬ කැවීම් ශිල්ප‍ියකු ලෙස වසර 15 පමණ අත්දැකීම් ඇත්තෙකි. ජාතික රූපවාහිනිය, සිරස, හිරු, ස්වාධීන රූපවාහිනිය, දෙරණ නාලිකාවල මේ දිනවල විකාශය වන නාට්‍යවල හඬ කැවීම් කරනවා.”

චන්දන ඉරුගල්බණ්ඩාරගේ ආදරණීය බිරිය සුරේඛා දිල්රුක්ෂිගෙන් ඔහුට ලැබෙන සහය අපරිමිත ය. ජනිඳු දෙව්සර, ‍පහන්දි දුලංසා චන්දනගේ දරු දෙදෙනාය. චන්දන කැලණිය සරසවියේ බාහිර උපාධිය හැදෑරු අතර. භාත්කණ්ඩේ සංගීත විශාරද උපාධිය හදාරන්නට ඉන්දියාවට ද ගොස් ඇත.

කොහොමද ඔබේ අත්දැකීම්...

එකම රාමුවකට කොටු නොවී විවිධ චරිත රඟපාන්න ඉඩ ලැබුණා. හොඳ අධ්‍යක්ෂවරු රැසක් මට හමුවුණා. මට අවශ්‍ය ජනප්‍රිය රංගන ශිල්පියෙකු වෙන්න නෙමෙයි ප්‍රතිභාපූර්ණ දක්ෂ රංගන ශිල්පියකු ‍වීමයි. ඒ සඳහා මම බොහෝ අත්දැකීම් ලබලා තියෙනවා. ලබමින් පවතිනවා. හුඟක් අය නළු නිළියෝ වෙන්නෙ බොහොම ලේසි ක්‍රම අනුගමනය කරලා. ඒත් මම උත්සාහ කරන්නේ හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදෙන්නයි. ඒත් දැන් ති‍ෙයන ආර්ථික තත්ත්වය මත හොඳ නිර්මාණ බිහි නොවෙන තරම්. ඉන්දීය මෙගා ටෙලි නාට්‍ය ලංකා‍ව ආක්‍රමණය කරලා. හුඟක් අධ්‍යක්ෂවරු පෙලඹිලා ඉන්නේ අවම බජට් එකකට යන්න. එතකොට ප්‍රමිතිය බාල වෙනවා.

926/ඒ, ගල්ලස්ස පුර, නාගොඩ, දොඩන්ගොඩ ඔහුගේ ලිපිනයයි.

 

Comments