වැලිකඩින් කොටසක් වටරැකට | Page 2 | සිළුමිණ

වැලිකඩින් කොටසක් වටරැකට

වැලිකඩ බන්ධනාගාරයේ තදබදය අඩු කිරීම සදහා ඉදිරියේදි වැලිකඩ රැඳවියන්ගෙන් පිරිසක් වටරැක තරුණ වරදකරුවන්ගේ කඳවුරට ගෙන යෑමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

දැනට වටරැක කඳවුරේ තරුණ වරදකරුවන් රඳවා සිටින අතර එහි ඔවුන් සඳහා පාසලක් ද ස්ථාපිත කර ඇත.

මෙහි නව ගොඩනැගිලි කිහිපයක් සෑදීමෙන් පසු ආරක්ෂාව ද තරකර වැලිකඩ රැඳවියන් ගෙන් පිරිසක් එහි ගෙනයෑමට නියමිතය.

මේව වන විට වැලිකඩ ඇතුළු තවත් බන්ධනාගාර හයක දැඩි තදබදයක් ඇති අතර ඒවාට විසඳුමක් ලෙසින් මුලින්ම වැලිකඩ තදබදය අඩු කිරීම සඳහා මෙම පියවර ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ගය වැඩි දුරටත් පවසයි.

Comments