නේෂන්ස් ට්‍රස්ට් FriMi බැංකුකරණයේ ඉදිරියෙන් | Page 2 | සිළුමිණ

නේෂන්ස් ට්‍රස්ට් FriMi බැංකුකරණයේ ඉදිරියෙන්

’පහසුව’ යනු කවදත් FriMi ප්‍රමුඛතාව හිමිවූ සංකල්පයකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් බැංකුව වන FriMi වසර දෙකක් තරම් කෙටි කාලයක් ඇතුළත මෙරට බැංකු කටයුතු සහ ගෙවීම් සිදුකෙරෙන ආකාරය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමට සමත් වී තිබේ. FriMi යනු පරිපූර්ණ ඩිජිටල් බැංකුවක්, ජංගම මුදල් පසුම්බියක් Mobile Wallet සහ ගෙවීම් ක්‍රමයක් යන ත්‍රිත්වයෙහි එකතුවක් වේ- ඩිජිටල් තාක්ෂණික සේවාවන් කෙරෙහි උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට දෛනික මූල්‍ය සේවාවන් කාර්යක්ෂමව පහසු කර දීමේ අරමුණින් FriMi හඳුන්වා දෙන ලදී.

ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස හඳුන්වා දෙන ලද මෙම සේවාව, ඔවුන්ට සිය ජංගම දුරකථන මගින් පරිපූර්ණ ඉතුරුම් ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාව සලසා දෙන අතර, සිය දෛනික ජීවිතයට ඉමහත් පහසුවක් සලසන තවත් ගෙවීම් සහ මූල්‍ය සේවාවන් රාශියක්ද පිරිනමයි. FriMi වෙනුවෙන් අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිනී රේණුකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවා ය. FriMi තවමත් අලුත් සන්නාමයක්. ප්‍රථම වර්ෂදෙක ඇතුළත එය අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අප ආඩම්බර වනවා.

Comments