ඇමරිකාවෙන් ලද නෞකාව ජනපති අතින් අධිකාරියට | Page 2 | සිළුමිණ

ඇමරිකාවෙන් ලද නෞකාව ජනපති අතින් අධිකාරියට

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 626 නෞකාව පසුගිය 6 වැනිදා කොළඹ වරාය පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගජබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

එහිදී ජනාධිපතිවරා නෞකාවේ සමරු ඵලකය විවෘත කළ අවස්ථාව. මේ අවස්ථාවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති ඇලීනා ටැප්ලිස් මහත්මිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාද මෙහි වෙති. මේ උත්සවයට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, , ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස් මහත්වරු සහභාගී වූහ.

Comments