කටකතා කල්ලිය කොටු කරන්න පොලිස් දැල | Page 2 | සිළුමිණ

කටකතා කල්ලිය කොටු කරන්න පොලිස් දැල

කටකතා පැතිරවීම සහ වෙනත් ක්‍රියා මඟින් රටේ පවතින සාමකාමි තත්ත්වය බිඳදමා යළිත් රට තුළ නොසන්සුන් පරිසරයක් ඇති කිරීමේ උත්සාහයක නිරතව සිටින සංවිධානාත්මක පිරිසක් කොටු කරගැනීමට බුද්ධි අංශ සමඟ එක්ව ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. වයඹ පළාතේ ගම්මාන කිහිපයක හා මිනුවන්ගොඩ නගරයේ ඉකුත් 13 දා හටගත් ගැටුම් පිටුපස සිටින්නේද මෙලෙස කටකතා පතුරුවන එකම කණ්ඩායමක් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

ඉකුත් 21 වැනිදා පාසල් පද්ධතිය  නැවතත් යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී ප්‍රධාන නගර කිහිපයකට බොම්බ වාහන පැමිණ ඇති බවට කටකතා පතුරුවා ඇත්තේද මේ පිරිසම බව සැක කරන

අතර, බදුරලිය දිග්හේනේ පාසලකින් ඉකුත් සිකුරාදා (24) අත්බෝම්බ 13ක් හමු වීමද ඔවුන්ගේම සැලසුමකට අනුව සිදුවී ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.

Comments