දස­ ව­ර්ෂා­භි­ෂේක රණ­විරු සැම­රුම අද | සිළුමිණ

දස­ ව­ර්ෂා­භි­ෂේක රණ­විරු සැම­රුම අද

ත්‍රස්ත­වා­ද­යෙන් රට මුදා ගෙන වසර 10ක් සපි­රීම නිමි­ත්තෙන් ‘සාමයේ දස­ ව­ර්ෂා­භි­ෂේක රණ­විරු සැම­රුම‘ අද (19) ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් බත්ත­ර­මුල්ල රණ­විරු ස්මාර­කය අස­ලදී පැවැත්වේ. අද සිට 22 වැනිදා දක්වා පැවැ­ත්වෙන සමරු උලෙළේ ආර­ම්භය එය වන අතර, ත්‍රිවිධ හමු­දාවේ හා පොලි­සියේ මිය ගිය හා අතු­රු­දන් අය සිහි­පත් කර­මින් පස්වරු 3.30ට විශේෂ ගුණ සම­රුව සිදු කෙරේ.

එසේම දස වර්ෂය නිමි­ත්තෙන් 22 වැනිදා ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී මුල් දින කව­ර­යක් හා මුද්ද­ර­යක් නිකුත් කෙරෙන අතර එදින පරම විභූ­ෂණ පද­ක්ක­ම්ලා­භීන් 29 දෙනාගේ ජීවිත කතා ඇතු­ළත් ග්‍රන්ථ­යක් එළි දැක්වී­මද සිදු කෙරෙන අතර එම ග්‍රන්ථය ජනා­ධි­ප­ති­ව­රයා විසින් පරම විභූ­ෂණ පද­ක්ක­ම්ලා­භීන්ගේ ළගම ඥාතීන්ට පිරි­නැ­මී­මද සිදු කෙරේ.

එසේම වෙල්ල­මු­ල්ලි­ව­යි­ක්කාල් ස්මාර­කයේ සමරු කාසි­යක්ද එදින නිකුත් කිරී­මට නිය­මි­තය‍.

Comments