මෙවර වෙසක් පෝ දින අධ්‍යාත්මයට මුල් තැන. | සිළුමිණ

මෙවර වෙසක් පෝ දින අධ්‍යාත්මයට මුල් තැන.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය දින දෙකකට සීමා කෙරෙන බව රජය පවසයි.ගාල්ල, තෙල්වත්තේ, තොටගමුව රන්පත් රජමහ විහාරයේ දී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවත්වන අතර ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් මෙවර වෙසක් උත්සවය සමරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.මේ අතර අස්ගිරි,මල්වතු පාර්ශව මෙන්ම අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහ නායක හිමිවරු ද පවසා සිටියේ මෙවර අධ්‍යාත්මික වශයෙන් පෝෂණය සඳහා මුල් තැන දෙමින් බාහිර සැනෙකෙලිවලින් බැහැරව මෙවර වෙසක් උත්සවය සමරන ලෙසයි.

Comments