සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීම අද සිට | සිළුමිණ

සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවීම අද සිට

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද ආරම්භ විය.විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මේ මස 24 වන දින දක්වා අයදුම්පත් බාර ගන්නා බවයි.රජයේ පාසල් හා අනුමත පිරිවෙන් වලට අදාළ අයදුම්පත් මේ වනවිට තැපැල් මඟින් යොමුකර ඇති අතර අයදුම්පත් මෙතෙක් නොලැබුණු පාසල් තිබේනම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාවට දැනුම් දිය යුතු වෙයි.පුද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආදර්ශ අයදුම්පතක් ඉදිරිපත් කර ඇත.පාසලෙන් අස්වී ඇති අයදුම්කරුවන්ට පමණක් පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට ඉල්ලුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

Comments