යොවුන්පුරයේ රුක් රෝපණ වැඩසටහනක් | සිළුමිණ

යොවුන්පුරයේ රුක් රෝපණ වැඩසටහනක්

දහවැනි 'යොවුන්පුරය' වීරවිල පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේදී ඊයේ (27) ආරම්භ විය. මෙයට සමගාමීව ක්‍රියාත්මක වන විශේෂ රුක්රෝපණ වැඩසටහනක් අද(28) ජාතික තරුණසේවා සභාවේ සභාපති එරංග වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.මෙහිදී පැළ තුන්දහසක් රෝපණය කිරීම සිදු කරනු ඇත. යොවුන්පුර භූමිය අවට මෙම පැළ රෝපණය සිදු වන අතර ඒ සදහා දෙස් - විදෙස් තරුණ තරුණියෝ රැසක් එක්ව සිටිය. 2019 යොවුන්පුරය නිමාවන ලබන ඉරිදා දක්වා මෙම රුක්රෝපණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය.එසේම මෙලෙස සිටුන පැළ මෙම වැඩසටහන නිමාවට පත්වීමෙන් පසු රැකබලා ගැනීම ප්‍රදේශයේ ජනතාව විසින් සිදු කරනු ඇත.“සිහින පෙන්වීමට නොව පාර පෙන්වීමට” සැරසෙන මේ යොවුන්පුර කඳවුරු භූමියේ අවසානයේ අත්දැකීම් බහුල කාර්යශූර තරුණ පරපුරක් අනාගතයට දායාද කිරීමට බලාපොරොත්තු වේ.

Comments