කථානායකට මල්වතු පාර්ශ්වයෙන් විශේෂ ගෞරව සම්මානයක් | සිළුමිණ

කථානායකට මල්වතු පාර්ශ්වයෙන් විශේෂ ගෞරව සම්මානයක්

කථානායක කරු ජයසුරිය මහතාට ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානි විශේෂ ගෞරව සම්මානය ප්‍රදානය කිරීමට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජ්‍ය කාරක මහා සංඝ සභාව තීරණය කර තිබේ. එම ගෞරව සම්මානය පිරිනැමීම අනිද්දා 19 වැනි දා අඟහරුවාදා ප.ව 03.00ට මල්වතු මහා විහාරස්ථ උපෝෂතාගාරයේදී සිදු කිරීමට නියමිතය. මීට පෙර ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙන් “විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන” ගෞරව නාමයද, සාරාර්ථ දර්ශී ජනතා නායක ගෞරව නාමයද කරු ජයසුරිය මහතා වෙත ප්‍රදානය කෙරිණි. ජපන් අධිරාජ්‍යයා වෙතින් ප්‍රදානය කරන ජපානයේ ප්‍රධානතම ගෞරව සම්මානය වන “උදාවන සූර්යා සම්මානය”ද (Rising Sun) පසුගිය වසරේ දී කරු ජයසුරිය මහතා වෙත පිරිනැමිනි.

ඉන්දියාවෙන් 2017 වසරේ දී “විශ්ව සාම” සම්මානය ද කරු ජයසුරිය මහතා වෙත පිරිනැමු අතර, පසුගිය දා අබ්දුල් කලාම් විද්‍යායතනයෙන් පිරිනමන “Pride Of Asia” (ආසියාවේ අභිමානය) සම්මානය ද කථානායකවරයා වෙත පිරිනමනු ලැබීය.

Comments