නවලෝක- කොරියානු සමාගමක් සමඟ ලංකාවේ ලොකුම “ලැබ්,, එක හදයි | Page 2 | සිළුමිණ

නවලෝක- කොරියානු සමාගමක් සමඟ ලංකාවේ ලොකුම “ලැබ්,, එක හදයි

ශ්‍රී ලාංකේය පෞද්ගලික රෝහල් සේවයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය තවත් දැවැන්ත පියවරක් තබමින් කොරියාවේ විශාලතම වෛද්‍ය රසායනාගාර සමූහයක් වන ග්‍රීන්ක්‍රොස් සමූහය සමඟ සම්බන්ධ වෙමින් මෙරට පෞද්ගලික අංශයේ විශාලතම හා අතී නවීනතම වෛද්‍ය රසානාගාරය හඳුන්වාදෙනු ලැබීය.

අභිනවයෙන් ස්ථාපිත නව වෛද්‍ය රසායනාගාරය වර්ග අඩි 20000 කින් යුක්ත වන අතර එය සායනික ගොඩනැගිල්ලේ පිහිටා ඇත දැනට මෙම ක්ෂේත්‍රයේ භාවිත කෙරෙන අති නවීනතම රසායනාගාර උපකරණයන්ගෙන් සමන්විත වේ. රෝග නිර්ණය කටයුතුවලට අදාළ පර්යේෂණ ගණනාවක් සිදු කළ හැකි මෙම අති නවීන වෛද්‍ය රසායනාගාරය තුළ පළපුරුදු වෘත්තීය මට්ටමේ රසායනාගාර ශිල්පීන් රැසක් සේවය කරයිග

‘‘ශ්‍රී ලංකාවේ නූතන පෞද්ගලික රෝහල් සේවයේ පුරෝගාමී නාමය වන නවලෝක රෝහල් සමූහය මෙරට සුවසේවා ක්ෂේත්‍රයට නව ප්‍රමිතීන් හඳුන්වාදුන් රෝහල් සමූහයක් ලෙස අවිවාදයෙන්ම නම් කළ හැකිවේග නිරන්තර නවෝත්පාදනයන් සහ අතී නවීන තාක්ෂණයන් සහ ශිල්ප ක්‍රම රැසක් අප මෙරටට හඳුන්වා දුන් අතර මේ සෑම නවෝත්පාදනයක් තුළින්ම අපගේ පාරිභෝගිකයින් වෙත වඩාත් විශ්වසනීය රෝහල් සේවාවක් ලබාදීමට අපට හැකිව තිබේග දකුණු කොරියාවේ විශාලතම වෛද්‍ය රසායනාගාර සමූහයක් වන ග්‍රීන්ක්‍රොස් රසායනාගාර සමූහය සමඟ අත්වැල් බැඳ ගැනීමත් සමගම සුවසේවා ක්ෂේත්‍රයේ නිම්වළලූ පුළුල් කර අපගේ විශේෂඥ වෛද්‍ය වෘත්තියකින් හට රෝග නිර්ණය කිරීම සඳහා අවශ්‍ය විශේෂිත පහසුකම් සපයා තිබෙන අතර රෝගීන් සුවපත් කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සේවාව ඉටු කිරීමට මින් අවස්ථාව සැලසෙනු ඇත.’’ යනුවෙන් නවලෝක හෝල්ඩිංග්ස් හි සාභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසීය.

නවලෝක ග්‍රීන්ක්‍රොස් රසායනාගාරයේ රෝග විනිශ්චීය විශ්ලේෂණයන් මුළුමනින්ම ස්වයංක්‍රීය යන්ත්‍ර මගින් සිදුවන අතර මෙහි ස්ථාපනය කර ඇති COBAS 6000 පර්යේෂණ පද්ධතිය මෙරට රෝහල් රසායනාගාරයක භාවිත වන ප්‍රථම අවස්ථාව මෙය වන්නේය. මෙමඟින් පැය 24ක් තුළ රෝග විනිශ්චය පූර්ණ නිරවද්‍ය බවකින් සහ වඩාත් කාර්යක්‍ෂමව සිදු කර ගත හැකි අතර ISO 15189:2012 ප්‍රමිතිකරණය ද හිමිකර ගෙන සිටී.

Comments