මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පෑවේ එජාපය නොවේ | සිළුමිණ

මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පෑවේ එජාපය නොවේ

සමාජ ක්‍රියාකාරි කණ්ඩායම් රැසක් පසුගිය සිකුරාදා මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පවත්වමින්, සන්දේශ භාර දීම කෙරෙහි තම පක්‍ෂයේ සැලකිල්ල යොමුව ඇතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ විරෝධතා සඳහා එජාපයේ කිසිදු සම්බන්ධතාවක් නැති බවත්, මෙරට මාධ්‍ය ආයතන වෙත බෝම්බ ප්‍රහාර හා ප්‍රචණ්ඩත්වය එල්ල වූ අවස්ථාවන්හිදීත්, මාධ්‍යවේදීන් ඝාතනයට හා තර්ජනයට ලක් වූ අවස්ථාවන්හිදීත් තම පක්‍ෂය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටි අයුරු යළි සිහිපත් කළ යුතු නැති බවත්, ශිෂ්ට සම්පන්න හා ශීලාචාර අයුරින් පවත්වන විරෝධතාවකට සිය මාධ්‍ය බලය උපයෝගි කරගනිමින් පහර එල්ල කරන්නට ක්‍රියා කරන මාධ්‍ය ආයතන මඟින් ප්‍රදර්ශනය වන්නේ කළු මාධ්‍ය මාෆියාවේ සැබෑ ස්වරූපය මිස අන් කිසිවක් නොවන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

Comments