ඉරණමඩු ජලාශය ජනතා අයිතියට | සිළුමිණ

ඉරණමඩු ජලාශය ජනතා අයිතියට

උතු‍රු නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් ප්‍රතිසංස්කරණයකෙරුණු ඉරණමඩු ජලාශය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතින් පසුගිය සිකුරාදා ජනතා අයිතියට පැවරිණි.

රටේ ගොවි ජනතාවගේ ජල ගැටලුව විසඳීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කරගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පූර්ණ මඟපෙන්වීමෙන් මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සමඟ ආරම්භ කෙරුණු මෙරට වාරි ක්‍රියාන්විතයේ දෙවන පියවර ලෙස උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චි ඉරණමඩු ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු 2015 වස‍ෙර්දී ආරම්භ කෙරිණි. ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ඉරණමඩු ජලාශය වාන් දැමීමේ සුබ අවස්ථාව සිකුරාදා උදෑසන උදා වූ අතර එදින පෙරවරුවේ ජලාශ පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා ජලාශයේ වාන් දොරටු විවෘත කරනු ලැබීය.

Comments