උත්සව සමයට ඔඩෙල් වෙතින් ආකර්ෂණීය විලාසිතා | Page 2 | සිළුමිණ

උත්සව සමයට ඔඩෙල් වෙතින් ආකර්ෂණීය විලාසිතා

ප්‍රීතිමත් දවස් නැවතත් පැමිණ තිබේ. බැබළෙන දීප්තිමත් නියෝන් එළියෙන් දිලිසෙන ටැසල් සහ සීකුවින්ස් වලින් හැඩවු ආකර්ෂණීය විලාසිතාවන් නැවතත් ඔඩෙල් වෙතින් පැමිණ තිබේ. එළඹෙන උත්සව සමයට ඔඩෙල් මේ සියල්ල ඔබ වෙත ගෙන එන්නේ අතිවිශිෂ්ට වු නිර්මාණයන්ටත් වඩා ඉහළිනි.

සෑම වසරකම උත්සව සමයේ ඔඩෙල් විලාසිතා තම පාරිභෝගිකයන්ට ගෙන එන්නේ ඔවුන් බලාපොරොත්තු වනවාටත් වඩා අතිශය ආකර්ෂණීය සහ අලංකාර වු නිමාවකින් වේ. අපගේ සෑම නිර්මාණයක්ම සියල්ලට වඩා ඉදිරියෙන් සිටිනවා”සොෆ්ට්ලොජික් අලෙවි සමූහ අධ්‍යක්ෂ ඩෙසරී කරුණාරත්න මහත්මිය පවසයි. එමෙන්ම එය මෙම උත්සව සමයේ ඔඩෙල් තැබු තවත් ඉදිරි පියවරක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

ලොව සිදුවන සෑම සිදුවීමකම රටාවක් තිබේ. අප අලුත් යැයි සිතන කිසිදු දෙයක් අලුත් නොවේ. එය අතීතයේ නිර්මාණය වු දෙය හි ප්‍රතිනිර්මාණයක් වේ. ඇත්තටම සියල්ල චක්‍රාකාර රටාවකට සිදුවේ. එම රටාව අනුව යමින් මෙම උත්සව සමයේ ඔඩෙල් ඔබ වෙත නේත්‍රාකාර්ෂණීය සුන්දර පැරණි සරල සුකෝපභෝගී විලාසිතා රැසක් ගෙන එයි.

Comments