වැසි නොතකා ජන මහිමයට මහ සෙනඟක් | Page 2 | සිළුමිණ

වැසි නොතකා ජන මහිමයට මහ සෙනඟක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන “ජන මහිමය” රැලිය අද පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබේ.මේ රැලිය සඳහා මේවන විටත් අතිවිශාල ජනකායක් වැසි සහිත කාලගුණය ද නොතකමින් පාර්ලිමේන්තුව අවට පරිශ්‍රයට ඇදෙමින් තිබෙන බවට වාර්ථා වේ.

බටහිර රටවල අවශ්‍යතාව මත රටේ ජනමතය යටපත් කිරීමට දරණ උත්සහය පරාජයට පත් කිරීමේ අරමුණින් නව ආණ්ඩුවට සහාය පළ කොට මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

මව්බිමට ආදරය කරන සියලූ පාර්ශ්වවලට මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී වන ලෙස ආරාධනා කරන බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා සදහන් කළේය.

මේ අතර මෙම ජන රැලිය සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය බලායේ නිලධාරින් 1500ක් පමණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

දහවල් 12ට ආරම්භ කෙරෙන මෙම මහජන උද්ඝෝෂණය පස්වරු 06.00 පමණ වනතෙක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර දහවල් 12.00න් පසුව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Comments