LAUGFS සමාගම KOKATH අලෙවිසල් ජාලය විවෘත කරයි | Page 2 | සිළුමිණ

LAUGFS සමාගම KOKATH අලෙවිසල් ජාලය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමට නව මුහුණුවරක් හඳුන්වාදෙමින්, දේශීය පාරිභෝගික ජනතාවට පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ නැවුම් අත්දැකීමක් ලබාදෙන අනගිතම වෙළෙඳසැල් ජාලයක ‘KOKATH’ වෙළෙඳ නාමය යටතේ LAUGFS Solutions විසින් හඳුන්වාදී ඇත' පාරිභෝගික භාණ්ඩ වෙළෙඳ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කීර්තියක් අත්කරගෙන සිටින මෙම අලෙවිසැල් ජාලය මගින්, ජපානයේ නිෂ්පාදනය කරන ලද 700කට වැඩි නවීනතම නිෂ්පාදන වර්ග රැසක් මිල ගණන් තුනක් යටතේ අලෙවි කෙරේ.

ජපානයේ පාරිභෝගික වෙළෙඳ සංකල්පයට අනුව මෙරට නිෂ්පාදිත KOKATH වෙළද සැල පසුගියදා ජා- ඇල K-Zone වෙළෙඳ සංකීර්ණයෙදී විවෘත විය. අනුව පාරිභෝගික ජනතාවගේ සෑම ජීවන රටාවකටම අවශ්‍යය මෙන්ම ගෙවන මුදලට සැබෑම වටිනාකමක් ලැබෙන උසස්ම තත්ත්වයේ නිෂ්පාදන රැසක් එකම වහලක් යටින් ලබාගැනීමට අවස්ථාව උදාවේ .

 

Comments