විදැස නව අධ්‍යාපන ව්‍යාපෘතිය සිසු අයිතියට | Page 2 | සිළුමිණ

විදැස නව අධ්‍යාපන ව්‍යාපෘතිය සිසු අයිතියට

නැණ ගුණ සපිරුණු අනාගත ශ්‍රී ලංකාවක් උදෙස ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV හඳුන්වාදෙන නවතම අධ්‍යාපනික නාලිකාව “විදැස” මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සුරතින් ගම්පහ බණ්ඩාරනායක විදුහලේදී සිසු අයිතියට පත්කරන ලදී.

විදැස නාලිකාව PEO TV විසින් හඳුන්වාදුන් නවතම අධ්‍යාපනික ව්‍යාපෘතිය වන අතර 6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා එක් ශ්‍රේණියකට එක් නාලිකාව බැගින් නාලිකා 6 ක් හඳුන්වා දී ඇත. එම නාලිකා පිළිවෙළින් විදැස 6, විදැස 7, විදැස 8 ආදී වශයෙන් විදැස 11 දක්වා ව්‍යාප්ත වේ. PEO TV නාලිකා ගොනුවේ විදැස නාලික ගොන්න ආරම්භ වන්නේ නාලිකා අංක 206 නි. අනතුරුව නාලිකා අංක 207, 208 ආදී වශයෙන් නාලිකා අංක 211 දක්වා විදැස නාලිකා පෙළගස්වා ඇත.

විදැස අධ්‍යාපනික නාලිකාව සඳහා අධ්‍යාපන අමත්‍යාංශය හා ධර්මවාහිනී පදනම සම්පත් දායකත්වය සපයනවා ඇත. මේ අනුව විදැස සියලුම නාලිකා වල විෂය කරුණු උගන්වනුයේ රජයේ පාසල් ගුරුවරුය. එසේම පාසල් විෂය නිර්දේශයට සමගාමීව විදැස නාලිකා සියල්ලම විකාශනය කරනවා ඇත. පාසලෙන් පසු සිසු දරුවන්ට සිය නිවසේදී වුව නිදහසේ තමන්ට හැකි ලෙසින් සිය අධයාපන කටයුතු දිගටම කරගෙන යාමේ හැකියාව මේ අනුව සිසු දරුවන්ට ලැබේ.

Comments