අරලිය සමාගමේ මානෙල් රාජ්කුමාර්ට WCICSL රිදී සම්මානය | Page 2 | සිළුමිණ

අරලිය සමාගමේ මානෙල් රාජ්කුමාර්ට WCICSL රිදී සම්මානය

ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සංවිධානය කළ වසරේ කාන්තා ව්‍යවසායිකාව 2018 සම්මාන උළෙලේදී D&R Exports සමාගමේ (අරලිය නිෂ්පාදන) මානෙල් රාජ්කුමාර් මහත්මිය මහා පරිමාණ කාණ්ඩයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇය සහ ඇයගේ සැමියා වන රාජ්කුමාර් මහතා 1998දී ඇරැඹූ අරලිය ව්‍යාපාරය විදේශවල සුවිශාල කීර්ති නාමයක් ලබා ඇති, ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනන සාර්ථක ව්‍යාපාරයක් වී ඇත.

ලුණු දෙහි, කරවල බැදුම් ආදිය මුලින්ම සාදා අපනයන කළ ඇය මේ වන විට අරලිය සන්නාමයෙන් පොල් සම්බෝල, චට්නි, ඇඹරැල්ලා කරි, අඹ කරි, පොලොස් කරි, අච්චාරු, කරවල පච්චාඩි, කරවල මෝජු, බ්‍රයින් වෝටර් තූළ දැමූ දෙල්, මුරුංගා, කොස්, පොලොස්, කොහිල, කෙසෙල් මුව ආදිය තමන්ගේම වට්ටෝරු අනුව සකසා නිෂ්පාදන පරාසය පුළුල් කර ඇත.

ඔස්ට්‍රේලියාව, ඩුබායි, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී රටවලට අරලිය නිෂ්පාදන අපනයනය කෙරෙන අතර දේශීය ගොවීන්ටද මෙමගින් ලැබෙන්නේ විශාල සහයෝගයකි.

මේ වන විට 200කට අධික පිරිසකට ඍජු සහ වක්‍ර රැකියා සපයා ඇත. ඇය දුප්පත් ගෘහිණියන්ට අතිරේක ආදායමක් උපයා පවුලේ ආර්ථිකය කළමනාකරණය කිරීම හා ස්වයං රැකියා පිළිබඳව දිවයින පුරා නොමිලේ දේශන පවත්වයි.

ඇය සෙනසුරාදාට ගුඩ්මාර්කට්හි දේශීය කෑම වර්ගවලින් සපිරි ආපනශාලාවක්ද පවත්වයි.

Comments