සුජිත් ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් සමාගම CNCI රිදී හා ලෝකඩ සම්මාන දිනයි | Page 2 | සිළුමිණ

සුජිත් ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් සමාගම CNCI රිදී හා ලෝකඩ සම්මාන දිනයි

දශක දෙකකට අධික කාලයක් ව්‍යාපාරවල නිරත මාතර සුජිත් ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ CNCI සම්මාන ප්‍රදානෝත්සවයේදී සේවා අංශයෙන් දකුණු පළාතේ රිදී සහ ජාතික මට්ටමේ ලෝකඩ සම්මානවලින් පිදුම් ලැබීය. සුජිත් ඔටෝ ඉලෙක්ට්‍රිකල්ස් සමාගම වාහන, ධීවර යාත්‍රා, කෘෂිකාර්මික යන්ත්‍ර සහ අනෙකුත් යන්ත්‍රවල විදුලි කාර්මික ගැටලුවලට නිර්මාණශීලී විසඳුම් සපයමින් ජපන්, ඉන්දියා, කොරියා, චීන සියලුම වාහන සඳහා ස්ටාර්ටර් මෝටර්ස්, ඕල්ටර්නේටර්ස් ආදේශක නිෂ්පාදනය කර සහ ආනයනය කර වගකීමක් සහිතව දිවයින පුරා බෙදා හරියි.

“මේ ජයග්‍රහණය අපගේ විශිෂ්ටත්වය පෙන්වන සංධිස්ථානයක්. මේ සඳහා කැපවූ අපගේ කාර්ය මණ්ඩලයට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.” කළමනාකරණ අධ්‍යක්ෂ, දේශබන්ධු, දේශමාන්‍ය, මානවහිතවාදී සුජිත් සේනාවීර මහතා පැවසීය.

Auto electrical repair, Auto mechanical repair, Auto A/C repair, Engine sensor replace, Engine tune – up, Hybrid vehicle repair, Common rail vehicle repair, Auto gear vehicle repair, Car security system, Car audio system, Turbo Repair, Key Programming, Electric vehicle charging, Mobile Service & Recovery service, Accident repair, Tinkering, Painting, වාහන අමතර කොටස් නිවසටම ප්‍රවාහනය වැනි සේවා රැසක් ඔවුහු සපයති.

ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය මාතරද, ශාඛා නාවින්න, මහරගම, ත්‍රිකුණාමලය, දික්වැල්ල, ගාල්ල යන නගරවලද පිහිටා ඇත. A/C Controller, Gear type starter motor, Heat timer, High ampere alternator, IC regulator, Rotor coil, 24V to 12V converter, Stator coil, Turbo controller, Stator motor armicher, Wiper, Inner set ආදී නිෂ්පාදන SAE වෙළෙඳ නාමයෙන් වගකීමක් සහිතව මිලට ගත හැකිය. ඔබගේ වාහනයට සුවිශේෂ වූ අමතර කොටස් අවශ්‍යතාව හා ඉල්ලුම අනුව නිර්මාණශීලීව ඔවුන් විසින් විශේෂයෙන් නිෂ්පාදනය කර දෙනු ලැබේ.

Comments