විදුලි යතුරුපැදි ලොව පුරා අතිශයින් ජනප්‍රිය වෙමින් පවතින අවස්ථාවක වින්ඩි ට්‍රේඩින් සමාගම ALFA සන්නාමයෙන් විදුලි යතුරුපැදි පෙළක් වෙළෙඳපොළට හඳුන්වා දෙයි. වින්ඩි ට්‍රේඩින් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජගත් කරුණාරත්න මහතා පවසන්නේ මෙරට විදුලි යතුරුපැදිවලට ඇති ආකර්ෂණය වැඩි වන බවයි.
එහෙත් ඉන්ධන යතුරුපැදියෙන් විදුලි යතුරුපැදියට මාරු වීමට දක්වන කුතුහලය නිසා විදුලි යතුරුපැදි ප්‍රචලිත වීම ප්‍රමාද වී ඇත. එසේම පසුගිය කාලයේදී විදුලි යතුරුපැදි ලංකාවට ගෙන්වා බෙදා හැරි සමාගම් කිහිපයක් වැසූ නිසා පාරිභෝගිකයන් අතරමං වීමද මීට හේතු විය. එහෙත් වින්ඩි ට්‍රේඩින් සමාගම 2006දී අරඹා අඛණ්ඩව ඉදිරියට යාමට හේතු වූයේ ALFA යතුරුපැදිවල අනර්ඝ තත්ත්වයත්, අලෙවියෙන් පසු සපයන විශිෂ්ට සේවයත්, පාරිභෝගික නිර්දේශත් නිසා ඔවුන් හා එකතු වන නව පාරිභෝගිකයෝය.
ඉන්ධන භාවිතයෙන් ක්‍රියා කරන යතුරුපැදියක් කි.මී. 1ක් ධාවනයට රුපියල් 4ක් හෝ 5ක් වැය වන අතර විදුලි යතුරුපැදියක් කි.මී. 1ක් ධාවනයට වැය වන්නේ ශත 50ක් වැනි අඩු මුදලකි. ශබ්දය, දෙදරීම්, දුම් දැමීම්, රත් වීම් නොමැති මෙම පරිසර හිතකාමී විදුලි යතුරුපැදි භාවිතයෙන් මුදල් ඉතිරි වන අතර එමගින් පරිසරය සුරැකීමේ යහපත් කාර්යයට ඔබට දායක විය හැකිය.
නඩත්තු වියදම් අවම විදුලි යතුරුපැදි මාදිලි රැසක් රු. 130000 සිට රු. 375000 දක්වා වූ මිල ගණන්වලට මිලට ගත හැකිය. වේගය අවම පැයට කි.මී. 55 සිට 110 දක්වා මාදිලි රැසක් ඇති අතර එක් ආරෝපණයකින් කි.මී. 70 සිට 180 දක්වා දුරක් ධාවනය කළ හැකිය. දිවයින පුරා ඇති ALFA අලෙවි නියෝජිත ජාලයෙන් විදුලි යතුරුපැදි මිලට ගත හැකි අතර ලීසිං පහසුකම් එලායන්ස් ෆිනෑන්ස් සමාගමෙන් ලබා ගත හැකිය.