GHC Global Education ආයතනය මෙරට සිසුන්ට විදෙස් අධ්‍යාපන සේවා රැසක් නොමිලේ සපයයි. IIHS ආයතනයට අනුබද්ධව 704, මීගමුව පාර, වැලිසර ලිපිනයේ පිහිටි එම ආයතනය වෙත පැමිණෙන සිසුන්ට ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත නියෝජනය වන පරිදි පිහිටිDeakin University, Canberra University, Murdoch University, Edith Cowan University, University of South Australia, University of Tasmania, University of New England, Griffith University සහ TAFE South Australia යන විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදෑරීමට සියලු පහසුකම් සලසයි.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීම සහ තමන්ට ගැළපෙන උපාධි පාඨමාලා තෝරා ගැනීම පිළිබඳව සිසුන්ට උපදෙස් දෙන අතර IELTS විභාගය සඳහා IIHSහි පැවැත්වෙන පන්තිවලට නොමිලේ සහභාගී වීමට අවස්ථාව සලසයි.
ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අයැදුම්පත් සහ අනෙකුත් සේවා ලබා ගැනීම, නවාතැන් පහසුකම් සලසා ගැනීම, අධ්‍යාපනය ණය ලබා ගැනීම, වීසා හා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම, අමතර රැකියා සොයා ගැනීම, මවුපියන්ට විසිට් වීසා ලබා ගැනීම පිළිබඳව තොරතුරු සහ පහසුකම් ලබා ගැනීමට GHC Global Education වෙත පැමිණෙන සිසුන්ට හැකිය.
විදෙස් අධ්‍යාපනය පිළිබඳ මූලික දැනුමක් නොමැති සිසුන්ට වුවද පැමිණ සිය විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගත හැකිය.