ඔඩෙල් වෙතින් ශාරී­රි­ක­ යෝ­ග්‍යතා සති­යක් | Page 2 | සිළුමිණ

ඔඩෙල් වෙතින් ශාරී­රි­ක­ යෝ­ග්‍යතා සති­යක්

මනා ශාරී­රික යෝග්‍ය­තා­ව­ය­කින් යුත් පුද්ග­ල­යන් සෞඛ්‍ය සම්පන්න අය බව අප පිළි­ගන්නා කරු­ණකි. ඔවුහු තම ප්‍රශස්ත බර මට්ටම ක පව­ත්වා­ගෙන යන අතර සෞඛ්‍ය­මය වශ­යෙන් මුහුණ දෙන ගැටලූ ඉතා­මත් අල්ප වේ. ශාරී­රික යෝග්‍ය­තාව ඇති­කර ගැනී­මට අවශ්‍ය නම් අපගේ ජීවන රටා­වද වෙනස් කර­ගත යුතු වේ. ඒ සඳහා ඇති එකම ක්‍රමය වන්නේ නිර­න්තර ව්‍යායාම ය සහ ගුණා­ත්මක සෞඛ්‍ය සම්පන්න ආහාර රටා­ව­කට හුරු­වී­මයි. සෞඛ්‍ය සම්පන්න ජීවි­ත­යත් මනා ශාරී­රික යෝග්‍ය­තා­වන් යන කාර­ණය මෑත කාලයේ ලංකාවේ ජන­ප්‍රිය මාතෘ­කා­වක් බවට ද පත්ව තිබේ. විවි­ධා­කාර ව්‍යායාම වැඩ­ස­ට­හන්, පුහුණු වැඩ­මුළු, නිය­මිත කැලරි ප්‍රමා­ණ­යෙන් යුත් ආහාර රටා­වන් මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර පාන අව­න්හල් ද නගර පුරා බිහි වී ඇත.

මෙම ප්‍රව­ණ­තාව අනුව යමින් ඔඩෙල් ආය­ත­න­යද යෝග්‍යතා සති­යක් දියත් කරන ලද අතර එය ඔඩෙල් හි සියලූ ශාඛා­වන්හී සති­යක් පුරා ක්‍රියා­ත්මක වෙයි. එය ඔඩෙල් ශාඛා­ජා­ලය හා සම්බන්ධ ශාරී­රික යෝග්‍ය­තා­වය පිළි­බඳ උනන්දු සියලූ දෙනාට මහගු අව­ස්ථා­වන් ලබා­දෙනු ඇත.

Comments