ඉන්ධන මිල සූත්‍ර කතිකා මැද ව්‍යාපාර පහසු කරන සූදානමක් | Page 2 | සිළුමිණ

ඉන්ධන මිල සූත්‍ර කතිකා මැද ව්‍යාපාර පහසු කරන සූදානමක්

* 2017 වසරේ මෙම වර්ධනීය තත්ත්වය අත්පත් කර ගැනීමට හේතුවක් ලෙස රජය විසින් රට තුළ ව්‍යාපාරයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර දීම ද දැක් විය හැකියි. 
* මූල්‍ය ගිණුමේ ලැබීම් ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ වර්ධනයක් පිළිබිඹු වු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

සිංහල-අවුරුදු නිවාඩුවෙන් පසුව යළි එළඹෙන සතියේදි ක්‍රියාකාරි තත්ත්වයට ක්‍රමයෙන් පත් විමට නියමිත ශ්‍රී ලංකා ආර්ථීක කටයුතු ඉදිරියේදි ගමන් ගන්නා දිශාව පිළිබඳව සැම දෙනාගේම අවධානය යොමුව පවති. විශේෂයෙන් යෝජිත කැබිනට් සංශෝධනය, වැඩි වර්ධනය වෙමින් පවත්නා දේශපාලන, ආර්ථීක අස්ථාවරත්වය මැද මෙම 20 දා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරදි ආරම්භ විමට නියමිත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකු ඒකාබද්ධ සැසිවාරය සම්බන්ධයෙන් මෙහිදි කාගේත් අවධානය යොමුව පවති. මෙවර සැසිවාරය අතරතුර ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාවට නගා ඇති ආර්ථීක ප්‍රතිසංස්කරණ වැඩ සටහනට සමගාමී ඩොලර් බිලියන 1.5 ක ණය මුදලේ මීළඟ ණය වාරිකය මුදා හැරිම පිළිබඳව ඉදිරි පියවර සාකච්ඡා සිදු කිරිමට නියමිතය.

මෙම හමුව මෙහිදි වඩාත් තිරණාත්මක වන්නේ මුල්‍ය අරමුදලේ නිර්ණායක ප්‍රකාරව පසුගිය මාර්තු 31 දා වන විට යෝජිත ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාවට නැංවිමට ශ්‍රී ලංකාව අපොහොසත්ව තිබිමයි. ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා බලධාරින් මෙම මිල සුත්‍රය ඉදිරියේදි ක්‍රියාවට නැංවිම හෝ එයට අදාළ විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදි අදාළ මුල්‍ය අරමුදලේ බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්විමට නියමිත බව සඳහන්ය. පසුගියදා මාධ්‍ය හමුවේ මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේ මෙම මිල සුත්‍රය ක්‍රියාවට නැංවිම අත්‍යවශ්‍ය බවත් එය දේශපාලන කාරණා නිසා මෙතෙක් ප්‍රමාද වි ඇති බවත් ය. ඉන්ධන ලබා දිමේ පිරිවැය පිළිඹිබු නොකරන වත්මන් මිල ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට සතියකට රුපියල් මිලියන 266 ක පාඩුවක් ලබන බව සඳහන්ය. කෙසේවෙතත් මුදල් අමාත්‍යාංශ බලධාරින් පවසන්නේ ඉදිරි සති කිහිපය ඇතුළතදි මේ පිළිබඳ යම් ප්‍රතිඵලයක් ජනතාවට දැන ගත හැකි වන බවයි. මේ හැරෙන්නට දෙසැමිබර් මස මුල්‍ය අරමුදලේ නිරික්ෂණයන්ට අනුව ශ්‍රී ලංකාව මිළඟ මුල්‍ය අරමුදලේ ණය වාරිකය මුදා හැරිමට අදාළව සියලු නිර්ණායක සපුරා ඇත.

මේ අතර යෝජිත ඩොලර් බිලියන 1.5 ද්කවා වු සෛවරිත්ව බැඳුම්කර නිකුතුවද ඉදිරි දෙස් විදේස් යෝග්‍ය සමාජ ආර්ථීක වතාවරණය මැද එළඹෙන සති කිහිපය ඇතුළතදි සිදු කිරිමට මහ බැංකුව පියවර ගනිමින් ඇත්තේ අදාළ නිකුතුව රටේ ඉදිරි ණය හා පොලි වාරික ගෙවිම් හා විනිමය අනුපාතයේ ස්ථාවරත්වය සඳහා මේ මොහොතේ අත්‍යවශ්‍ය නිසාය.

විදේශ අංශයේ ක්‍රියාකාරිත්වය

මේ දිනවල විදේශ විනිමය අනුපාතය ඇතිව අතිවිශාල අගය ඉහළ පහළ යාමේ ප්‍රවනතා නිසා රටේ ආනයන කරුවෝ හා විෙද්ශ මුදල් ආශ්‍රිත මෙරට ගැණුම් කරුවෝ යම් තරමක අපහසුතාවයකට පත්ව ඇත්තේ තමන්ගේ ආනයන හා අපයන පදනම් වු පිරිවැය පුරෝකතනය කිරිමට අපහසු නිසාය. පවතින මෙම තත්ත්වය වටහා ගෙන විනිමය අනුපාතය ස්ථාවරත්වයකට කටයුතු සලසන්න යැයි ආනයන කරුවෝ මුල්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

පසුගිය සතියේ සිදු වු අධික තෙල් හා වාහන ආනයන නිසා ඩොලරය අගය යම් පිරිහිමකට ලක් වු අතර අවුරුදු සමය ආශ්‍රිත විදේශ ලැබිම් එහි අහිතකර පිරිහිම යමි තරමකට අවම කර ඇත. මේ වන විට ඇමෙරිකාණු ඩොලරයක විකුණුම් මිල රුපියල් 157 ක මට්ටමක ඇත.

සියයට 4-5 අතර උද්ධමනය පවත්වාගත හැකි නම්, රුපියල අවප්‍රමාණය වනු ඇත්තේ 2-3% කින් පමණ බව මහ බැංකු අධිපතිවරයා පසුගියදා ශ්‍රී ලංකා රුපියල එක්සත් ඩොලරයට සාපේක්ෂ ව 2018 වසරේ ජනවාරි මාසයේ දී සියයට 0.6කින් සහ 2018 වසරේ අප්‍රේල් මස 5 වැනි දින දක්වා කාල පරිච්ඡේදය තුළ දී සියයට 2.0කින් ද අවප්‍රමාණය විය.

රුපියල තවදුරටත් අවප්‍රමානය වීම හා ඉහළ අස්ථාවරත්වය මේ වසර පුරා අඛණ්ඩව පවතිනු ඇතැයි වෙළෙඳ පොළ විශ්ලේෂකයින් පවසා ඇත්තේ ඉදිරි කල් පිරෙන ණය හා ගෙවිමට ඇති වාරික මත පදනමිවය.

මේ අතර 2018 ජනවාරි මාසයේ දී වෙළඳ හිඟය ඩොලර් මිලියන 1049 දක්වා (2017 ජනවාරි වුයේ ඩොලර් මිලියන 934කි) පුළුල් වීම හමුවේ වුව ද, මූල්‍ය ගිණුමේ ලැබීම් ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ වර්ධනයක් පිළිබිඹු වු බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මාසය තුළ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 965 දක්වා ඉහළ ගිය ද අපනයන ආදායමේ ඉහළ යෑමට වඩා වැඩියෙන් ආනයන වියදම ද සියයට 12 කින් හෙවත් ඩොලර් මිලියන 2014 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේ ය. කෙසේ වුව ද, පසුගිය වසරේ පැවති මධ්‍යස්ථ ප්‍රවණතාවයන් වෙනසක් ඇති කරමින් 2018 වසරේ ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂිත අතර එම අගය ඩොලර් මිලියන 443 ක් හෙවත් පසුගිය වසරේ ජනවාරි වලට සාපේක්ෂව සියයට 8.9 ක වර්ධන අපේක්ෂාවකි. මේ අතර මාර්තු මස පැවති මහනුවර නොසන්සුන් තා මැද විදේශිකයින් 233,332 ක් එනම් 2017 එම මසට සාපේක්ෂව සියයට 24.1 ක වර්ධනයක් සංචාරක ආගමනයේ මෙරට ප්‍රගතියක් ලබා ඇති බව වාර්තා විය. මේ වසරේ අපේක්ෂිත සංචාරක පැමිණිමේ ඉලක්කය මිලියන 3කි. මේ වසරේ මුල් මාස 3 තුළ සංචාරකයින් මිලියන 7 ඉක්මවා දැනටමත් මෙරටට ඇවිත් ඇත. 2017 වසරේ දී අඩු වීමක් වාර්තා කළ විදේශ සේවා නියුක්තිකයන් ද පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට සාපේක්ෂ ව 2018 වසරේ ජනවාරි -පෙබරවාරි මාසවල සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළේ එම අගය එම මාස 2ට ඩොලර් බිලියන 1.3 දක්වා සියයට 3.2 කින් ඉහළ යාමෙනි. මේ අතර රාජ්‍යස සුරැකුම්පත් වෙළෙඳපොළ හා කොටස් වෙළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන හේතුවෙන් 2018 වසරේ ජනවාරි මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත අඛණ්ඩ ව ඉහළ ලැබීම් ප්‍රමාණයක් වාර්තා විය. 2018 වසරේ ජනවාරි මස අවසානය වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.3කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.7ක් විය.

ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 1.9 ඉක්මවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය 2017 වසර තුළ ලබාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය. මේ අනුව 2017 වසර තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො බිලියන 1.9ක් හෙවත් රුපියල් බිලියන 290ක් පමණ වේ. මෙය 2016ට වඩා සිව් ගුණයක වර්ධනයකි. මීට පෙර වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේ දීය. එය ඇ.ඩො. බිලියන 1.7කි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා ඊට බාහිරවද ලද ආයෝජන මෙහිදි සැලකිල්ලට ගත් බව මුදල් අමාත්‍යාංශය කියයි.

2017 වසරේ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයට හම්බන්තොට වරාය බදු දීම වෙනුවෙන් ලද ඇ.ඩො මිලියන 300ක පළමු වාරිකය ද ඇතුළත් ය. චීන ආයෝජන මෙන් ම හොංකොං, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල ආයෝජන ද මෙම වර්ධනීය තත්ත්වය අත්පත් කර ගැනීමට හේතු විය.

2015 සහ 2016 යන වසරවල ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය පිළිවෙළින් දැක් වූයේ ඇ.ඩො මිලියන 970ක් සහ ඇඩො මිලියන 450ක් ලෙසිනි.

මෙම වර්ධනය සම්බන්ධයෙන් කරුණු දක්වන මුදල් අමාත්‍යාංශය මෙසේ කියයි.

“2017 වසරේ මෙම වර්ධනීය තත්ත්වය අත්පත් කර ගැනීමට හේතුවක් ලෙස රජය විසින් රට තුළ ව්‍යාපාරයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කර දීම ද දැක් විය හැකි ය. සරල බදු ක්‍රම හඳුන්වා දීම සේම සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවය වැනි දෑ පෙන්වා දිය හැකි ය,”.

එසේ ම ගෙවුම් ශේෂ ගැටලුව ස්ථිර ලෙස විසඳා ගැනීම සඳහා ඍජු ආයෝජන සහ අපනයන වැඩි කිරීමට ගෙන ඇති පියවර ද හේතු වී ඇත. 2017 වසර තුළ ශ්‍රී ලංකාවේ ආපනයනය ද වැඩි වී ඇත. 2017 වසර ජනවාරියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනය 2018 ජනවාරි වන විට 11.6%න් එනම් ඇ.ඩො.965.4 දක්වා වැඩි වී ඇත. ඊට අමතරව විගමනික ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණ ප්‍රමාණය ද වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2017 දෙසැම්බර් වන විට ඇ.ඩො. බිලියන 7.9 දක්වා ඉහළ ගියේ ය.

මෙම වසරේ අවසානයේ දී ඇ.ඩො බිලියන 2.5ක විදේශ ආයෝජන ලබා ගැනීමේ ඉලක්කය කරා ළඟාවීමට රජය සැලසුම් කර තිබේ. එය 2020 වනවිට ඇ.ඩො බිලියන 5 දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.

අන්තර්ජාලයෙන් දේපල ලියාපදිංච් කිරිම ඇරඹේ

ශ්‍රී ලංකාවේ දේපල ලියාපදිංචි කිරිමේ කාර්යයේදි පහසුකම් සැපයීමට අදාළව ලෝක බැංකු ව්‍යාපාර ආරම්භ කිරිමේ දර්ශකයේ ඉහළ ශ්‍රේණිගත කිරිමක් ලබා ගැනිමේ අරමුණින් හා ආයෝජන හිතකර බදු ගෙවන්නන් සඳහා කාර්යක්ෂම සේවාවක් ලබා දිමේ අරමුණින් ශ්‍රී ලංකාවේ මුල් වරට පළාත් පාලන ආයතන ආශ්‍රිතව අන්තර්ජාලය ඔස්සේ ඉඩම් ලියාපදිංචියට අදාළ සියලු සේවා ලබා දිමට රජය කටයුතු කරමින් පවතින බව පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් මැනුම්පති පි.එම්.පි උදයකාන්ත මහතා පැවසිය.

දේපල ලියාපදිංචි කිරිමේ කාර්යය සාධක බලකාය විසින් අදාල සියලු ආයතන හා පාර්ශ්වයන් ඒකරාශි කර ගනිමින් දියත් කරන මෙම ව්‍යාපෘතියේ මුල් අදියර බස්නාහිර පළාතේ කොළඹ නගර සභාව ආශ්‍රිතව දියත් කරන බව කියා සිටි ඔහු මෙම කාර්යය සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය මුළිකව මෙවර අයවැයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සඳහා රුපියල් මිලියන 450 ක් වෙන් කර ඇති බවත් කියා සිටියේය.

කොළඹ මහ නගර සභා ප්‍රදේශය තුළ දේපල අත්පත් කර ගන්නා පුද්ගලයකු සඳහා මහ නගර සභාව විසින් නිකුත් කරන හිමිකම් සහතිකය, නොපවරවා ගැනිමේ සහතිකය, විථී රේඛා සහතිකය දින 03 ක් ඇතුලතදි නිකුත් කිරිම මෙම වැඩසටහනෙහි මුළික අරමුණයි.

මේ වන විට නව හිමිකරුවෙකුට ඉඩම් අයිතියක් පැවරිමේදි පියවර 9ක් සපුරාලිය යුතු බවත් ඒ සඳහා අවම වශයෙන් දින 51 ක කාලයක් ගත වන බවත් හෙතෙම මෙහිදි සඳහන් කළේය. ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනය, අදාළ පළාත් සභා ආදායම් දෙපාර්තමේන්තුව මැනුම් දෙපාර්තමේන්තුව හා බැංකු ආශ්‍රිතව අදාළ පියවරයන් සපුරාලිම සඳහා මින් ඉදිරියට අන්තර්ජාලය ඔස්සේ අවස්ථාව ලබා දෙන බව ඔහු කියා සිටියේය.

සමාගම් ලියාපදිංචියත් දැන් අන්තර්ජාලයෙන්

නව සමාගම් සංස්ථාගත කිරීම ඇතුළු සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන ප්‍රමුඛ සේවාවන් කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ (ඔන්ලයින්) ලබාදීම ද මේ අතරේ පසුගියදා ආරම්භ කළේය.

මෙමe Registrar of Companies (e-ROC) ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නව සමාගම් සංස්ථාගත කිරීම සහ සමාගම් නාමය අනුමත කිරීම යන සේවාවන් අන්තර්ජාලය ඔස්සේ සිදු කර ගැනීමට මහජනතාවට පහසුකම් සැලසේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංය, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

මේ අනුව නව සමාගම් සංස්ථාගත කිරීම සහ සමාගම් නාමය අනුමත කිරීම යන කටයුතුවලට අදාළ ලිපි ලේඛන සේවාලාභීන්ට රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටද ඒ සදහා වන මුල්ය් ගෙවීම්ද අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට හැකිවේ.

eroc.drc.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගැනීමට හැකිවේ.

නව සමාගමක් ලියාපදිංචි කිරීමේ කටයුතු සදහා දැනට දින නමයක් පමණ ගත වන බවත් මෙම e-ROC ව්‍යාපෘතිය යටතේ එක් දිනක් දක්වා අඩුවන බව කියයි. මෙම වසර අවසාන වන විට සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව මගින් මහජනතාව වෙත ලබාදෙන සියලුම සේවාවන් පාහේ අන්තර්ජාලය ඔස්සේ ලබා දීමට නියමිත බවද තවද මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නව සමාගම් සංස්ථාගත කිරීමට සමගාමීව දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ සහ කම්කරුදෙපාර්තමේන්තුවේ ලියාපදිංචියද ලබා ගතහැකි බවද මෙහිදී අනාවරණය විය. මෙවන විට සතියේ දින 7 පුරාමද දෙපාර්තමේන්තුව මහජන සේවා සඳහා විවෘතව පවති.

අවුරුදු කටේ රුපියල් බිලියන 20 ක ණයකර නිකුතු එයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත ණයකර නිකුතු 03 ක් සඳහා ගෙවුණු සතියේ අනුමැතිය ලබා දුන් බව නිවේදනය වු අතර ඒ අනුව මෙම නිකුතුව 11 දා විවෘත කළ බවද නිවේදනය විය. මේ අනුව රජයේ වැඩි කොටස් හිමිකාරිත්වයක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, පීපල්ස් ලීසිං හා ජෝන් කීල්ස් සමාගමේ ආශ්‍රිත සමාගමක් වන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ අනුව ණයකර නිකුතු මගින් අරමුදල් රැස් කර ගැනිමට නියමිතය.

 මුදිත ගමගේ

Comments