සොෆ්ට්වේව් ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් ආයතනයට සමස්ත සම්මාන 11 | Page 2 | සිළුමිණ

සොෆ්ට්වේව් ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් ආයතනයට සමස්ත සම්මාන 11

ජාත්‍යන්තර ප්‍රමිතියේ මුද්‍රණ කර්මාන්තයක් උදෙසා සිය දැක්ම තහවුරු කරමින්, Going Global තේමාව යටතේ ශ්‍රී ලංකා මුද්‍රණ හිමියන්ගේ සංගමය විසින් පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂයෙන් පවත්වන ලද, 2018 ශ්‍රී ලංකා මුද්‍රණ සම්මාන රාත්‍රියේදී, සොෆ්ට්වේව් ප්‍රින්ටින් ඇන්ඩ් පැකේජින් ආයතනය විසින් උළෙලේ සමස්ත සම්මාන 11 දිනා ගනිමින්, Commercial Printing අංශයෙන් දිවයිනේ ප්‍රමුඛතම ආයතනය වශයෙන් ගෞරවයට පත්වීමට සමත් විය. තරඟකාරී අංශ විසි අටක් යටතේ පවත්වන ලද එම සම්මාන උළෙලේ, මාසික සඟරා අංශයේ සම්මාන ත්‍රිත්වයම, එනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මාන තුනම සොෆ්ට්වේව් විසින් ජයග්‍රහණය කරනු ලැබීම ඓතිහාසික සිදුවීමක් බවට පත්විය. වසර විසිපහකට අධික පලපුරුද්දක් ඇති ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වශයෙන්, දිවයිනේ කීර්තිමත් සඟරා කිහිපයකම මුද්‍රණ හිමිකම් දරන සොෆ්ට්වේව්, ඒ සඳහා තමන් සතුව පවතින අසමසම තාක්ෂනික සහ ශිල්පීය නිපුණත්වය යලිත් වරක් සනාථ කල අසිරිමත් උදාහරණයක් බවට ඒ අවස්ථාව පත් කරගනු ලැබීය. මුද්‍රණ නිපැයුම් ක්ෂේත්‍රයේ ඕෆ්සෙට් සහ ඩිජිටල් යන ප්‍රධාන අංග දෙක තුලම තම විශිෂ්ඨත්වය පවත්වාගෙන යන සොෆ්ට්වේව්, මෙවර මුද්‍රණ සම්මාන උළෙලේ ඩිජිටල් මුද්‍රණ අංශයේ ස්වර්ණ සම්මානයක් ඇතුලු සම්මාන හතරක් දිනා ගැනීමද කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය. දැනට කොළඹ පහ, හැව්ලොක් පාර, අංක 107 D සහ අංක 184 යන ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යන සොෆ්ට්වේව් ඉතා නුදුරු දිනකදී පාරිභෝගිකයන්ට වඩා පුළුල් සේවාවක් සැපයීමේ අරමුණින්, රාජගිරිය ප්‍රදේශයේ නව ඩිජිටල් මුද්‍රණ සේවා මධ්‍යස්ථානයක් ඇරඹීමටද වැඩ කටයුතු සැලසුම් කරගෙන සිටියි. එමෙන්ම ලෝකයේ නව ප්‍රවණතා සමග නිරතුරුව රැඳී සිටින ආයතනයක් වශයෙන්, ජාත්‍යන්තර ප්‍රමිතියේ හරිත සංකල්ප මුද්‍රණ කර්මාන්ත පරිශ්‍රයක් අතුරුගිරිය ප්‍රදේශයේ ඉදිකිරීමට මේ වනවිටත් කටයුතු සම්පාදනය කරමින් පවතියි. ඒ අනුව, කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරික කාඩ්පතක සිට, සඟරා, වාර්ෂික වාර්තා ආදී මහා පරිමාණ මුද්‍රණ අවශ්‍යතාවන් සියල්ලක්ම, වඩාත් දියුණු ශිල්පීය නිපුණත්වයෙන් පිරිපුන් සේවා සත්කාරයක් තුලින් තම සේවාදායකයින්ට ලබාදීම සොෆ්ට්වේව් කළමණාකාරීත්වයේ අධිෂ්ඨානය බවට පත්වී තිබේ.

Comments