පුංචි ආණ්ඩු 341 ම මැතිවරණයට සීරුවෙන් | සිළුමිණ

පුංචි ආණ්ඩු 341 ම මැතිවරණයට සීරුවෙන්

පළාත් පාලන ආයතන 341 සඳහාම නාමයෝජනා කැඳවීමේ නියෝගය මේ වන විට නිකුත් කර තිබේ. ඒ අනුව අවස්ථා දෙකකදී ඇපමුදල් තැම්පත් කිරීමට හා නාමයෝජනා භාරදීමට අවස්ථාව සලසා දී ඇත. 2017 නොවැම්බර මස 27 වැනිදා පළාත් පලන ආයතන 93ක ඇපමුදල් තැම්පත් කිරීම සඳහා කැඳවූ අතර, එය දෙසැම්බර් 13 දින මධ්‍යාහ්න 12 න් අවසන් වේ. එසේම මේ සඳහා නාමයෝජනා පත්‍ර බාරදීම දෙසැම්බර්11 වැනිදා සිට 14 වැනි දින මධ්‍යාහ්න 12 දක්වා කාලය තුළ සිදු කළ හැකිය. අනතුරුව 2017 දෙසැම්බර් 04 වෙනිදා පළාත් පලන ආයතන 248ක් සඳහා නාමයෝජනා කැඳවූ අතර, මේ සඳහා ඇපමුදල් තැම්පත් කිරීම දෙසැම්බර් 04 වෙනිදා සිට 20 වෙනිදා මධ්‍යාන 12 දක්වා සිදු කළ හැකිය. මෙහි නාමයෝජනා පත්‍ර භාර දීම දෙසැම්බර්18 වෙනිදා සිට 21 වෙනිදා මධ්‍යාන 12 දක්වා කාලය තුළ සිදු කළ හැකිය. මේ වන විට ඇප මුදල් තැම්පත් කිරීම සිදු වෙමින් පවතින අතර, ඒ ඒ කාර්යාලවලදී මෙම ඇප මුදල් තැම්පත් කිරීම සිදු කරන බැවින් කොපමණ ප්‍රමාණයක් ඇපමුදල් තැම්පත් කර ඇත් දැයි නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි බව මේ පිළිබඳව අදහස් දක්වමින් අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා පවසීය.

රසික කොටුදුරගේ 

 

Comments