එඩ්වඩ්ට මැලේ සම්මානයක් | Page 2 | සිළුමිණ

එඩ්වඩ්ට මැලේ සම්මානයක්

 දිවයිනේ ප්‍රකට මැලේ සංගමයක් වන ශ්‍රි ලාංකීය මැලේවරුන්ගේ සම්මේලනයේ (කොස්ලම්) මෙහෙයවීමෙන් ටී.බී ජායා 127වැනි ජන්මානුස්මරණ උළෙල සහ මැලේ භාෂා දින සැමරුම පසුගියදා කොළඹදී පැවැත්වුණි. ශ්‍රි ලංකාවේ මැලේවරුන්ගේ ඉතිහාසය අළලා අගනා පර්යේෂණාත්මක ග්‍රන්ථයක් මැලේවරුන්ගේ අභිමානය නමින් ලිවීමෙන් ප්‍රවීණ ලේඛක එඩ්වඩ් චන්ද්‍රසිරි මහතා කළ මහඟු මෙහෙවර අගයා අනුගරා මෂ්යකාත් මලායු සම්මානයෙන් ඔහුහට මැලේවරුන්ගේ උපහාරය දැක්වීමද එදින සිදුකෙරිණි.

කොස්ලම් සභාපති ටී.කේ අසුර්ගේ ආරාධනයෙන් ශ්‍රි ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් වන් සයිඩ් වන් අබ්දුල්ලා මහතා විසින් එඩ්වඩ් චන්ද්‍රසිරි මහතාට එම සම්මානය පිරිනැමු අවස්ථාවයි මේ.


හන්තාන ගී නින්නාද

උපහාර උළෙල 22වැනිදා

පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවා අවුරුදු 75ක් සපිරීමේ වජ්‍ර ජයන්තිය නිමිත්තෙන් එහි එක් අංගයක් ලෙසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිබඳ ගීත රචනා කළ ගීත රචක හා රචිකාවන්ට ද එම ගීත ගායනා කළ ගායක ගායිකාවන්ටද සංගීත සංයෝජනය කළ සංගීතඥයන්ටද උපහාර සම්මාන පිදීමේ උළෙලක් ලබන 22දා ප.ව 4.00ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිඩාගාරයේදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.


සුභාවිත ගී වියමන දෙහිවලදී

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පිහිටුවාගන්නා ලද කොළඹ දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩලය සංවිධානය කරන සුභාවිත ගී වියමන ගී ප්‍රසංගය ලබන 23වැනි බ්‍රහස්පතින්දා සවස 6.00ට දෙහිවල එස් ද එස් ජයසිංහ ශාලාවේදි පැවැත්වේ.


සුසර රූ ප්‍රසංගය

24දා යොවුන් රඟහලේදි

හත්පෝරුවේ චන්දරතන හිමියන්ගේ නවතම ගී රූ සිත්තම් එකතුව සුසර රූ ප්‍රසංගය පුජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි හා පූජ්‍ය මොළමුරේ නන්දාරාම හිමිගේ ප්‍රධානත්වයෙන් ලබන 24දින සවස 6.00ට මහරගම යොවුන් රඟහලේදි පැවැත්වේ.


හැරී බෙලාෆොන්ටේ

උපන්දින සැමරුමට

කැලිප්සෝ ගීත ප්‍රසංගයක්

සංගීත ලෝකයට කැලිප්සෝ සංගීත ශෛලිය හඳුන්වා දීමට පුරෝගාමී වූ ඇමරිකානු ජාතික ගායන ශිල්පී හැරී බෙලා‍ෆොන්ටේ ගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික කැලිප්සෝ ගායන ශිල්පීන් රැසකගේ සහභාගිත්වයෙන් ගීත ප්‍රසංගයක් ලබන 25 වැනිදා සෙනසුරාදා සවස 6.30ට රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී නොමිලයේ පැවැත්වේ. 90 වැනි වියේදීත් ගීත ගයන හැරී බෙලා‍ෆොන්ටේ ගායකයෙක් පමණක් ‍නොව සමාජ ක්‍රියාකාරිකයකු ලෙසද ප්‍රකටය. ඔහු ගැයූ ගීත 60 දශකයේදී සිංහල සංගීතයටද විශාල ලෙස බලපෑමක් කිරීමට සමත් විය. එම්. එස් . ප්‍රනාන්දු ගැයූ ‘පොල් පොල් පොපොල් පොල් ‘ ගීතය, ‘මම ටැක්සිකාරයා ‘ ගීතය වැනි ගීත ගණනාවක්ම හැරී බෙලා‍ෆොන්ටේ ගේ ගීත ඇසුරින් නිර්මාණය වූ ගීත අතරවේ.


සඳමඩල ප්‍රසංගය 24දා

සඳමඩල ප්‍රසංගය ලබන 24දින ප.ව 6.30ට කොළඹ 02 බිෂෝප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදි පැවැත්වේ. සඳමඩල ප්‍රසංග මාලාවේ සමාරම්භක ප්‍රසංගයට කලාකරුවන් හා විද්වතුන් විශාල පිරිසක් සහභාගි වේ. සඳමඩල සංගීත ප්‍රසංගය සුවි‍ශේෂි වන්නේ වසර 15කට පසුව මාලනි බුලත්සිංහලයන්ගේ ගීත ඇගේ නැගනිය වන සන්ධ්‍යා බුලත්සිංහල හා මාලනියගේ පුත් කසුන් කල්හාර විසින් සජීවිව ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමයි. එහිදී සන්ධ්‍යා බුලත්සිංහල විසින් මාලනියගේ ඉමිහිරි ගීත රැසක් ගයන අතර කසුන් ද සිය මවගේ ගීත මෙන්ම ඔහුගේ ගීත 5ක් ගායනා කිරීමට නියමිතයි. විශාරද ජගත් වික්‍රමසිංහ, විශාරද නෙලු අධිකාරි, විශාරද කපිල පූගලආරච්චි, යන ගායක ගායිකාවන් මේ ප්‍රසංගයට සහභාගි වීමට නියමිතයි.


 ඉවුරු දෑලට එන්න 23 දා ජනගත වේ

රවි සිරිවර්ධනගේ දෙවන කාව්‍ය සංග්‍රහය ‘ඉවුරු දෑලට එන්න‘ ජනගත කිරීමේ උළෙල මෙ මස 23දා ප.ව. 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහි මුලසුන හොබවන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් වන අතර ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි හා කපිල එම්. ගමගේ මෙහි දෙසුම් පවත්වති.

නදීක ගුරුගේ, ක්‍රිෂාන්ත එරන්දක, උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය, සමන් ලෙනින්, හර්ෂණ දිසානායක, යසරත්න සමරවීර හා නලීන් කරුණාරත්න ගී ගායනයෙන් මේ උළෙල වර්ණවත් කරති. සහෘදය ආමන්ත්‍රණය සුගත් සෝමවීර විසිනි.


සිකියුරිටි සින්නතම්බි විශේෂ දර්ශනයක් මාර්තු 25 දා

ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක අශෝක සෙනරත්මුදලිගේ සිකියුරි සින්නතම්බි වේදිකා නාට්‍යයේ විශේෂ දර්ශනයක් මාර්තු 25 වැනිදා සවස 6.30ට නුගේගොඩ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් සහ පසුගියදා අප අතරින් වෙන්වූ රංගන ශිල්පී දීපාල් සිල්වාට උපහාරයක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙම විශේෂ දර්ශන වාරය සඳහා ආරියසේන ගමගේ , ජීවන් හදුන්නෙත්ති, ගාමිණී කුමාර, ලක්ෂ්මන් ආරච්චි, මෙලනි අසෝකා, කරු අතුකෝරළ වැනි රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක්ම රංනයෙන් දායක වීමට නියමිතය.

 

 

 

 

 

Comments