Home » නවග්‍රහ අපල දුරු කරන්න මේ වත් පිළිවෙත් ඉටු කරන්න

නවග්‍රහ අපල දුරු කරන්න මේ වත් පිළිවෙත් ඉටු කරන්න

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

– ගෙවන දශාව අසුබ නම් එය සුබ දශාවක් කර ගැනීමට මේ පිළිවෙත් ඉතාම සුදුසුයි
– වත් පිළිවෙත් සිදු කළ යුතු දෙවියන් ගැනත් දැන ගන්න

සතුට දනවන සොඳුරුතම කාල පරිච්ඡේද සේම දුක, කඳුළ හිමිවන අඳුරු කාලයක්ද වශයෙන් ගෙවන මේ මහ දශා වන රවි මහ දශාව වසර 06, සඳු මහ දශාව වසර 10, කුජ මහ දශාව වසර 07, රාහු මහ දශාව වසර 18, ගුරු මහ දශාව වසර 16, ශනි මහ දශාව වසර 19, බුධ මහ දශාව වසර 17, කේතු මහ දශාව වසර 07 හා සිකුරු මහ දශාව වසර 20 වශයෙනි.

අප ගෙවන දශාව සුබ නම් එය වඩාත් සුබම කාලයක් කර ගැනුමටත් අසුබ කාලයක් නම් ඉන් මිදීමටත් මේ අනුව හැකි බව ජ්‍යෙතිෂයේ ප්‍රබල ක්‍රමවේදයකි.

•රවි මහ දශාව : ඊශ්වර, දැඩිමුණ්ඩ දෙවියන්ට භාරවීම, ආඝෝර යන්ත්‍රය, සුර්ය යන්ත්‍ර පැලඳීම, ජ්‍යොතිෂ උපදෙස් මත පද්මරාග මැණිකක් පැලඳීම, රත් නෙළුම්, මූණ මල්, රතු පැහැති මල් අෂ්ටඵල බෝධිවලට පූජාකර බෝධි පූජා තැබීම මරණයට සූදානම් කර සිටින ගවයන්, කුකුළන් වැනි සතුන් නිදහස් කිරීම, ඉඹුල් වෘක්ෂයකට සාන්තු කිරීම, ගස ස්පර්ශ කිරීමෙන් අපල දුරු වී සඳුගේ මහ දශාව, පත්තිනි මෑණිට, සුමන සමන් දෙවියන්ට භාරවීම, චන්ද්‍ර මණ්ඩල යන්ත්‍රය, නවනාථ යන්ත්‍රය පැලඳීම, මුතු පැලඳීමද කළ යුත්තේ ජ්‍යොතිෂ උපදෙස් මතය. පත්තිනි මෑණිට පූජා සහ කිරිදාන දීම, කුමුදු, දෑ සමන්, සුදු නෙළුම් අෂ්ටඵල බෝධීන්ට පූජා කර බෝධි පූජා තැබීම, අනතුරුවලට පත් සතුන්ට සාත්තු කිරීම තුළින්ද අපල දුරුවේ.

•කුජ මහ දශාව : කතරගම දෙවියන්ට පූජා තැබීම, භාරවීම, කන්ද කුමාර යන්ත්‍රය, අභිසම්භිදාන යන්ත්‍රය පැලඳීම, ජ්‍යොතිෂයට අනුව කොරල්, රතු මැණික් පැලඳීම, භද්‍රකාලි මෑණියන්ට පුද පූජා තැබීම, රුක්මල්, මූණ මල්, කනේරු මල් සියලුම රත් මල් වර්ග අෂ්ටඵල බෝධියකට පූජාකර බෝධි පූජා තැබීම හා කොලොන් වෘක්ෂයට සාත්තු කිරීම, ගස ස්පර්ශ කිරීමෙන් අපල දුරුවේ.

•රාහු මහ දශාවට : ගම්භාර දෙවියන්ට, කාලි මෑණියන්ට පුද පූජා තබා භාරවීම, නාගර්ජුන යන්ත්‍රය පැලඳීම, ජ්‍යොතිෂයට අනුව ගෝමේද මැණික් පැලඳීම, වැටකේ මල් අෂ්ටඵල බෝධියකට පූජාකර බෝධි පූජා තැබීම, වැටකේ ගසකට රාත්‍රී කාලයේ සාත්තු කිරීම සහ ගස ස්පර්ශයෙන් අපල දුරුවේ.

•ගුරු මහ දශාව : ශ්‍රී විෂ්ණු දෙවියනට මහා බ්‍රහ්ම නාමයට බාරවීම, අභිසම්භිධාන හෝ නරසිංහ යන්ත්‍රය පැලඳීම, පුෂ්පරාග මැණිකක් ජ්‍යොතිෂයට අනුව පැලඳීම, කහ පැහැති සහ රන්වන් පැහැති මල් අෂ්ඨඵල බෝධියකට පූජා කර බෝධි පූජා තබන්න.

•ශනි මහ දශාව : ශ්‍රී විෂ්ණු දෙවියන්ට විභීෂණ දෙවියන්ට භාරවීම, නීල මණ්ඩලය, මහා මෘත්‍යුංජය පැලඳීම, නිල් මැණික් හෝ කාක නිලක් ජ්‍යොතිෂයට අනුව පැලඳීම, නිල් මානෙල් ඇතුළු සියලු නිල් මල් ගෙන අෂ්ටඵල බෝධි වන්දනාව, නුග වෘක්ෂයකට සාත්තු කිරීම සහ ගස ස්පර්ශයෙන් අපල දුරුවේ. විශේෂයෙන් ආබාධිත අයට දන්දීම නොවැරදීම සෑම සෙනසුරාදා උදය 06 පමණ ගිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දැමීම සුදුසු වේ.

•බුධ මහ දශාව : ශ්‍රී විෂ්ණු දෙවියන්ට, නාථ දෙවියන්ට බාරවන්න. විෂ්ණු ආඝෝරය, ශිව සිදම්බර යන්ත්‍ර පැලඳීම හා පච්ච මැණිකක් ජ්‍යොතිෂයට අනුව පැලඳීම සුදුසු වේ. කහ පැහැති මල් අෂ්ටඵල බෝධි පූජාවලට යොදා ගන්න. කාලි මෑණියන්ට පුද පූජා තබා කොහොඹ ගසකට සාත්තු කර ගස ස්පර්ශයෙන් අපල දුරුවේ.

•කේතු මහ දශාව : කතරගම, විෂ්ණු, කඩවර දෙවියන්ට පූජා තබා භාර වන්න. නාගමාලය, ආඝෝරය යන්ත්‍ර පැලඳීම, ජ්‍යොතිෂයට අනුව වෛරෝඩි මැණිකක් පැලඳීම, නෙළුම් මල් වැනි දියේ පිපෙන මල් වර්ගවලින් අෂ්ඨපල බෝධි වන්දනාව, රෝගීන්ට සැලකීම හා කෙසෙල් ගසකට සාත්තු කිරීම හා ගස ස්පර්ශය තුළින් අපල දුරුවේ.

•සිකුරු මහ දශාව : පත්තිනි, කාලි, වල්ලි මාතා දෙවඟනට පූජා තබා භාරවන්න. මණ්ඩල සීලම්බරය, නවනාථ යන යන්ත්‍ර පැලඳීම, ජ්‍යොතිෂයට අනුව දියමන්තියක් පැළඳීම සියලුම වර්ණවත් සුවඳැති මල්වලින් අෂ්ටඵල බෝධි වන්දනාව තුළින් ප්‍රබල ප්‍රතිඵල ගෙනදේ.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනී ගීතාංගනී ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division