Home » කලාවේ හිටියත් නැතත් ගොසිප් හැදෙන එක නවත්තන්න බෑ

කලාවේ හිටියත් නැතත් ගොසිප් හැදෙන එක නවත්තන්න බෑ

by thanushika
February 10, 2024 12:30 am 0 comment

ඕනෑම ක්ෂේත්‍රයක් පවතින්නේ ඒ ක්ෂේත්‍රයට නවකයන් පැමිණීමත් සමඟ. කලා ලොව ගත්තම අපිට දිනෙන් දින අලුත් මුහුණු දකින්න ලැබෙනවා. කෝලම්කුට්ටම හි වත්සලා සහ මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන සිකුරු ඇවිත් නාට්‍යයේ හි අංජලි කියන්නෙත් කලා ක්ෂේත්‍රයට අලුතින් ආ සුන්දර යුවතියක්. ඇයගේ සැබෑ නම වෙන්නෙත් අංජලි ජයසිංහ.

සිකුරු ඇවිත් හි නාට්‍යයේත් ඔබ අංජලීමයි කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර නම් ඇත්තටම ගොඩක් හොඳයි. මගේ නමම චරිතයට තියෙන නිසා ලැබෙන ප්‍රතිචාර මට දැනෙනවත් වැඩියි.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ

මම කලාවට මුලින්ම එන්නේ නිරූපණ ක්ෂේත්‍රය හරහා. ඒ එක්කම මම බ්‍රයිඩ්ල් මොඩ්ල් කෙනෙක් විදියට කටයුතු කළා. 2023 වසරේ හිරු අවුරුදු කුමරිය විදියට ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා කෝලම්කුට්ටම නාට්‍යයෙහි වත්සලාගේ චරිතය රඟපාන්න. දැන් සිකුරු ඇවිත්හි අංජලි.

පවුලේ විස්තර කිව්වොත්?

මට ඉන්නේ තාත්තා අම්මා සහ නංගි. තව කළු (බව්වෙක්) හිටියා. ඒත් දැන් එයා ඉන්නේ අපේ හිත්වල විතරයි. තාත්තා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරලා දැන් විශ්‍රාමිකයි. නංගි මේ දවස්වල NSBM එකේ උපාධියක් කරනවා.

කලාවේදි හැදෙන කටකතා ගොසිප් ගැන මොකද හිතෙන්නෙ?

ගොසිප් හැදෙන එක සාමාන්‍යය දෙයක් විදියට මම දකින්නේ. කලා ජීවිතේ හිටියත් නොහිටියත් ගොසිප් හැදෙන එක නම් නවත්වන්න බැහැ.

ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් යෝජනාවක් ආවොත් මොකද කරන්නෙ?

යෝජනාවක් ආවොත් සලකා බලනවා.

ආදර විවාහයකට ද යෝජිත විවාහයකට ද අංජලී කැමති?

ඒ ගැන නම් තාම මට අදහසක් නැහැ.

ෆැෂන්වලට තියෙන කැමැත්ත කොහොමද?

මම ෆැෂන් කරන්න කැමති කෙනෙක්. ඒ නිසා මට ගැළපෙන ෆැෂන් කරන්න උත්සාහ කරනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

ලොකු සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම අම්මා මගේ පස්සෙන්ම ඉඳලා ලොකු ශක්තියක් ආරක්ෂාවක් මට ලබා දෙනවා. ඒ නිසාම මම මේක අවස්ථාවක් කර ගන්නවා මගේ අම්මට ස්තූතිවන්ත වෙන්න. ඒ එක්කම තාත්තා සහ නංගීත් මට මගේ වැඩ කර ගන්න ලොකු සහයෝගයක් දෙනවා.

අංජලී කැමති ජනප්‍රිය නිළිය වෙන්නද හොඳම නිළිය වෙන්නද?

මම කැමති ජනතාවටත් ප්‍රිය හොඳම නිළිය වෙන්න.

රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවා ද?

මම කැමතියි ටිකක් නපුරු චරිත කරන්න.

දිගටම රඟපාන්නද කැමැත්ත

එහෙම ආසාවක් තියෙනවා. ඒත් තවත් රංගනය ගැන හදාරන්න ඕනේ. ඒ වගේම විවිධ චරිත කරන්න ලැබෙනවා නම් මම කැමතියි.

නිළියක් වීම ගැන මොකද කරන්නෙ

මම පොඩි කාලේ ඉඳලා කැමැත්තෙන් හිටියා රඟපාන්න. ඒක මම මේ ජීවිතේ ලබපු හොඳ අත්දැකීමක්.

අනාගත බලාපොරොත්තු මොනවද?

මම මේ දවස්වල උපාධිය අවසන් කරලා ඉන්නේ. ඒත් එක්කම තව දුරටත් රඟපෑම ගැන ඉගෙන ගන්නවා. ඉදිරියේදී මාස්ටර් එක කරන්න හිතන් ඉන්නවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division