Home » ගැමි ජනතාවගේ දිවිය නංවන්න ජපානයෙන් ඩොලර් මිලියන තුනක්

ගැමි ජනතාවගේ දිවිය නංවන්න ජපානයෙන් ඩොලර් මිලියන තුනක්

by Mahesh Lakehouse
April 27, 2024 12:34 am 0 comment

ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සහ මිරිදිය ධීවර කර්මාන්තය ඉහළ නැංවීම පිණිස ජපානය විසින් ඩොලර් මිලියන තුනක් ලබා දී ඇත.

එක්සත් ජාතීන්ගේආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා මේ කටයුතු සිදු කෙරෙනු ඇත. ඒ යටතේ විශේෂයෙන්ම අනුරාධපුරය, මඩකලපුව, මුලතිව්, සහ මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම, ආහාර හා පෝෂණ සුරක්ෂිතභාවය ඉහළ නැංවීම සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම වෙනුවෙන් මෙම මුදල් භාවිතා කෙරේ. එමෙන්ම එම දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක මිරිදිය මත්ස්‍ය අභිජනනාගාර හතරක් ස්ථාපිත කිරීම, අභිජනන සහ මත්ස්‍ය පැටවුන් වැඩි කිරීම සඳහා ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කිරීමත් තෝරාගත් ජලාශවල මත්ස්‍ය පැටවුන් වර්ධනය කිරීමත් මේ වැඩසටහනට අයත්ය.

වසරක කාලයක් තුළ ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය මඟින් මත්ස්‍ය ප්‍රවාහන ට්‍රක් රථ 3ක් සපයනු ලැබේ.

මිරිදිය ධීවර කර්මාන්තයට ඩිජිටල් තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම සහ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය, කළමනාකරණය, සැකසීම සහ අගය එකතු කිරීමේදී නිලධාරීන්ගේ සහ ධීවරයින්ගේ තාක්ෂණික හැකියාවන් ඉහළ නැංවීම ද මේ යටතේ සිදු කෙරේ. දේශීය හා විදේශීය විශේෂඥවරුන්ගේ දැනුම ලබා දීමටද මේ ව්‍යාපෘතිය හරහා සිදු කෙරෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා සිදු කෙරෙන මේ ව්‍යාපෘතිය හරහා මෙරට මිරිදිය ධීවරයින් 3,000 කට අධික සංඛ්‍යාවකගේ ජීවනෝපාය ඉහළ නැංවීමට කටයුතු කෙරෙන අතර ඒ හරහා ඍජු හා වක්‍ර රැකියා දහස් ගණනක්ද අලුතින් නිර්මාණය කිරීමට නියමිතය.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division