Home » පිළිගත් NVQ සහතිකය සමඟ අභිමානවත් වෘත්තීය සිහිනයට තටු දෙන්න

පිළිගත් NVQ සහතිකය සමඟ අභිමානවත් වෘත්තීය සිහිනයට තටු දෙන්න

by sachintha
April 20, 2024 12:56 am 0 comment

වෘත්තිකයෙක් වීම සඳහා සුදුසුකම් සපුරාලීමට සහ ඒ තුළින් අභිමානවත් වෘත්තිකයකු බවට පත්වීමට හැකි දක්ෂ තරුණ තරුණියෝ රැසක් දිවයින පුරා සිටිති. එබැවින් ඔවුන් තුළ පවතින සැබෑ දක්ෂතා ඔපමට්ටම් කරමින් ඔවුන්ගේ කුසලතාවන් වැඩිදියුණුකර රටට වටිනා මානව සම්පතක් නිර්මාණය කිරීමෙහි වගකීම නොපිරිහෙලා ඉටුකරන අයිවා පැරා මෙඩිකල් කැම්පස් ආයතනය ඔවුන්ගේ අනාගතය සාර්ථක කරමින් වෘත්තිකයන් නිර්මාණය කිරීමෙහි කාර්යභාරය ඉටු කිරීමට සැදී පැහැදී සිටියි.

අයිවා පැරා මෙඩිකල් කැම්පස් යනු දිවයින පුරා ශාඛාවන් 15 කින් යුක්ත හෙද විදුහල් ජාලයකි. මෙම වෘත්තිය පුහුණු ආයතනය දිවයිනේ නම් දැරූ විශිෂ්ටතම ආයතනයක් වන්නේ මෙම ආයතනයෙන් නිකුත් කරනු ලබන සහතික පත්‍රයට දේශීයව හා විදේශීයව පිළිගැනීමක් තිබීමත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ද පිළිගත් NVQ සහතිකයක් වීමත් හේතුවෙනි. ගෞරවාන්විත හෙද සහ සාත්තු සේවා වෘත්තීන්ට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට පුහුණුව ලබාදීම වෙනුවෙන් නවක බඳවා ගැනීම් 2024 වර්ෂයේ දෙවන ශිෂ්‍ය කණ්ඩායම සඳහා මෙම දිනවල අයිවා ආයතනයෙහි සිදු කරනු ඇත.

රත්නපුර ප්‍රධාන ශාඛාව කේන්ද්‍ර කරගනිමින් ගාල්ල, මහනුවර, බදුල්ල, මාතර, තංගල්ල, කෑගල්ල, පානදුර, ගම්පහ, බණ්ඩාරවෙල, නුවරඑළිය, කුරුණෑගල, නුගේගොඩ, අනුරාධපුර, ඇඹිලිපිටිය යන නගරයන්හි පවත්වාගෙන යනු ලබන මෙම අධ්‍යයන මධ්‍යස්ථාන සියල්ල තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලබා ඇත. මෙම ශාඛාවන් අතරින් ප්‍රතීතනය කරන ලද ශාඛාවන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා (NVQ) සහිත වීමද සුවිශේෂීය. තවද මෙය ISO 21001:2018 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලද දිවයිනේ එකම හෙද විදුහලයි. අයිවා පැරා මෙඩිකල් කැම්පස් ආයතනයට සම්බන්ධ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය මංපෙත් විවර කිරීම සඳහා එක් අවුරුදු හෙද සහායක පාඨමාලාව සහ සති අන්ත සිව් මාසික සාත්තු සේවා පාඨමාලාව මෙම ආයතනය විසින් මෙහෙයවනු ලැබේ. එබැවින් වෘත්තීය පුහුණුව අවසානයේ ස්ථිර වශයෙන්ම රැකියා ලබාදීමේ පොරොන්දුව මත බඳවා ගැනීම් කරන මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාඨමාලාව අවසානයේ දේශීය පමණක් නොව, විදේශීය වෘත්තීය රැකියා වෙළෙඳ පොළටද අවස්ථාවන් උදා වේ.

රජයේ රෝහල් වල හා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය බලකාවල විසි වසරකට වඩා පළපුරුදු හෙද නිලධාරීන් නිලධාරිනියන් දේශකවරුන් වශයෙන් කටයුතු කරන බැවින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉතා ක්‍රමවත් පුහුණුවක් ලබා දෙනු ලබයි. සියලුම පහසුකම් වලින් සමන්විත පෞද්ගලික හෙද විදුහල් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන මෙම ආයතනය දිවයිනේ අවම මිල ගණන් යටතේ සාත්තු සේවා පාඨමාලාව අපේක්ෂකයන්ට තිළිණ කරන එකම වෘත්තිය පුහුණු ආයතනය ද වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම සහ විශිෂ්ටතම හෙද විදුහල් ජාලය සමඟ අභිමානවත් රැකියාවකින් වෘත්තීය ජීවිතය අරඹන්න හෙද සිහින දකින ඔබටත් ,රට රැකියාවක් තුළින් ජීවිතය දිනන්නට වෙර දරන සාත්තු සේවා ක්ෂේත්‍රයේ වෘත්තිකයකු වීමට සිහින මවන ඔබටත් මෙම ආයතනය මහඟු තෝතැන්නක් වනු නොඅනුමානය.

තාරිකා අමරබන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division