Home » ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ නවක සිසුන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවය

ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයේ නවක සිසුන් බඳවා ගැනීමේ සමාරම්භක උත්සවය

by sachintha
April 20, 2024 12:55 am 0 comment

ශ්‍රී ලංකා රසායන විද්‍යායතනය මඟින් පිරිනමන රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය (BSc (Hons) in Chemical Science) සහ රසායන විද්‍යාව (ගෞරව) උපාධිය (Graduateship in Chemistry) පාඨමාලා සඳහා අ.‍ෙපා.ස. උසස් ‍ෙපළ, Edaxel සහ කේම්බ්‍රිජ් විභාග ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසු සිසුවියන් බඳවා ගැනීම පසුගිය දා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ දී සිදු ‍ෙකරිණ. ශ්‍රී ලංකා රසායන විද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය චාන්දනී පෙ‍ෙර්රා මහත්මිය විසින් ‍ෙමදින උත්සව කටයුතු අරඹන ලද අතර සමාරම්භක දෙ‍සුම පැව පැවැත් වූ සභාපති මහාචාර්ය නාමල් ප්‍රියන්ත මහතා වැඩසටහනේ අරමුණ පැහැදිලි කරමින් රසායන විද්‍යාවේ සියලු ක්්ෂේත්‍ර ආවරණය වන පරිදි සැකසී ඇති ‍ෙමම පාඨමාලා ද්විත්වයෙන් සිසුන් සඳහා විවෘත වන දේශීය සහ විදේශීය රැකියා සහ ඉහළ අධ්‍යාපන අවස්ථා පැහැදිලි ක‍ෙළ්ය.

ලැන්මික් ‍ෙපාලිමර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සහ එම සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිණී උදේශා බෝපිටිය මහත්මිය, ආදි විද්‍යාර්ථියක ලෙස ඇය ලද අත්දැකීම් ඇසුරින් ප්‍රධාන ආරාධිත දෙසුම පැවැත් වූවාය.නව නවක සිසුන් බඳවා ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු සිදු කළ ආචාර්ය සවිද්‍යා ජයවර්ධන මහත්මිය විසින් පාඨමාලා පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබා දීමෙන් පසුව වත්මන් සිසුන් විසින් ඉදිරිපත් කළ රසවින්දනාත්මක වැඩසටහනින් ශ්‍රී ලංකා රසායන විද්‍යාලයේ අධ්‍යයන විශිෂ්ටත්වය පිළිබිඹු කෙරිණි.

ප්‍රියදර්ශනී හේමකුමාර පුස්තකාලයාධිපති

ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division