Home » ඉන්දියාව දිය යට සිය පළමු මෙට්‍රෝ දුම්රිය ගමන ආරම්භ කරයි

ඉන්දියාව දිය යට සිය පළමු මෙට්‍රෝ දුම්රිය ගමන ආරම්භ කරයි

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

රට තුළ මෙට්‍රෝ දුම්රිය සේවා ආරම්භ වී දශක හතරකට පමණ පසු අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මෙම උමං මාර්ගය විවෘත කරන ලදි. මෙම උමග බටහිර බෙංගාලයේ නැගෙනහිර ප්‍රාන්තයේ හූග්ලි ගඟෙන් බෙදී ඇති කල්කටා සහ හවුරා යන ද්විත්ව නගර එකිනෙක යා කරයි. කල්කටාව 1984 වසරේදී මෙහෙයුම් මෙට්‍රෝ පද්ධතියක් සහිත ඉන්දියාවේ ප්‍රථම නගරය බවට පත් විය. මෙම මස අගදී එය මගී සේවා සඳහා මුළුමනින්ම විවෘත වූ විට, දුම්රිය තත්පර 45කින් මීටර් 520ක් දිගින් යුත් ගංගාව යටින් නගර දෙක අතර ගමන් කරනු ඇත. රට පුරා නගර 15ක මෙට්‍රෝ දුම්රිය සේවා දැන් ක්‍රියාත්මක ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division