Home » ගාසා තීරයේ මානුෂීය ප්‍රතිචාරය හුදු මිථ්‍යාවක් පමණි

ගාසා තීරයේ මානුෂීය ප්‍රතිචාරය හුදු මිථ්‍යාවක් පමණි

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

‘අද ගාසා තීරයේ මානුෂීය ප්‍රතිචාරය අද හුදු මිථ්‍යා‍වක් පමණි’ දේශසීමා රහිත වෛද්‍යවරු Médecins Sans Frontières (MSF) හි ප්‍රධානී ක්‍රිස්ටෝෆර් ලොකියර් පෙබරවාරි මස 22 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලබා දුන් පණිවිඩය මෙයයි. මානුෂීය ප්‍රතිචාරයක් පිළිබඳ “මායාව” “මෙම යුද්ධය ජාත්‍යන්තර නීතිවලට අනුකූලව දියත් කරන බවට ආඛ්‍යානයක් පවත්වා ගෙන යාමට අනුබල දෙන්නකි”, ඔහු පෙන්වා දෙයි. මේ අතර, මානුෂීය ආධාර සැපයීම සක්‍රීය කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය විසින් ඊශ්‍රායලයට නියෝග කර තිබියදීත්, ගාසා තීරයට ඒ වන විටත් ලැබෙමින් තිබූ අඩු ආධාර ප්‍රමාණය පසුගිය සති කිහිපය තුළ මුළුමනින්ම පාහේ බිඳ වැටිණ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නිවේදනය කළේ මහජන සාමය බිඳ වැටීම සහ සක්‍රිය ගැටුම් නිරාකරණ පද්ධතියක් නොමැතිකම හේතුවෙන් – මානුෂීය දුක් වේදනා වඩාත්ම ආන්තික වන උතුරු ගාසා තීරයට ආධාර බෙදා හැරීම අත්හිටුවා ඇති බවයි. නවතම වාර්තාවක් ඇස්තමේන්තු කර ඇත්තේ, කඩිනමින් ස්ථිර සටන් විරාමයක් කරා එළැඹුණ ද, ව්‍යසනකාරී ආහාර, නවාතැන්, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂණ තත්ත්වයන් හේතුවෙන් ඉදිරි මාස හය තුළ ගාසා තීරයේ අතිරික්ත මරණ 6,500කට වඩා සිදුවනු ඇති බවයි. මේ තත්වය දිගටම පැවතුනහොත්, ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 58,200 සිට 74,000 දක්වා ප්‍රමාණයකින් වැඩි විය හැකිය. කුසගින්නෙන් මියයන දරුවන් පිළිබඳ වාර්තා ඉහළ යමින් පවතී.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division