Home » NB 2514 පෞද්ගලික බස් රියේ මැරයෝ ලංගම බස්වලට පහර දෙති

NB 2514 පෞද්ගලික බස් රියේ මැරයෝ ලංගම බස්වලට පහර දෙති

by Mahesh Lakehouse
February 10, 2024 12:36 am 0 comment

මහනුවර සිට කොළඹ බලා ධාවනය කළ සහ නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ හෝමාගම ඩිපෝවට අයත් බස් රථ දෙකකට අවිස්සාවේල්ලේදී සහ ගොඩගමදී ප්‍රහාර දෙකක් එල්ල කර ඇත.

NB 2514 දරන පෞද්ගලික බස් රථයෙන් අවිස්සාවේල්ලේදී පහර දීමෙන් තුවාල ලත් ලංගම කොන්දොස්තරවරයෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එම බස් රියෙන්ම පැමිණ ගොඩගමදී කළ පහරදීමෙන් තුවාල ලැබූ කොන්දොස්තරවරයෙක් හා බස් රියැදුරෙක් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබති.

ගොඩගමදී කළ පහර දීම සම්බන්ධයෙන් NB 2514 බස් රථයේ කොන්දොස්තරවරයා ගොඩගම මංසන්ධියේ සේවය කළ වේලා සටහන්කරුත් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොදු ප්‍රවාහන සේවා සපයන ලංගම සේවයට බාධා කළ මැරයන් අත්අඩංගුවට ගැනීමත් සමඟ අවිස්සාවේල්ල – කොළඹ පෞද්ගලික බස් ධාවනය අඩපණ වී ඇති අතර පොලිස්පතිවරයාගේ විශේෂ නියෝග මත අවිස්සාවේල්ල, කොස්ගම, ශාලාව, ගොඩගම යන හෝමාගම පොදු මගී ප්‍රවාහන සේවාවන්හි ආරක්ෂාව දැඩි කර ඇති අතර පොලිස් විශේෂ ජංගම ආරක්ෂක රථ ද යොදවා ඇතැයි වාර්තා වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division