Home » සති 5ට ඩෙංගු රෝගීන් 12,550යි

සති 5ට ඩෙංගු රෝගීන් 12,550යි

by Mahesh Lakehouse
February 10, 2024 12:35 am 0 comment

වසර 2024 ජනවාරි සිට පෙබරවාරි මුල් දින 8 දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 12,550ක් සහ මරණ 04ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.

එම රෝගීන්ගෙන් වැඩිම සංඛ්‍යාව වන 4,157ක් (33.1%ක්) වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති දිස්ත්‍රික්ක තුන වන්නේ පිළිවෙළින් කොළඹ, ගම්පහ සහ යාපනයයි.

පෙබරවාරි මස මුල් දින 8 තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,133කි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 36ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත.

සුරේකා නිල්මිණි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division