Home » මැණික් පිටරට යවා කෝටි 15535ක් උපයයි

මැණික් පිටරට යවා කෝටි 15535ක් උපයයි

by Mahesh Lakehouse
February 10, 2024 12:37 am 0 comment

මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ අපනයනයෙන් පසුගිය 2023 වසරේ අ‍ෙමරිකන් ඩොලර් මිලියන 477.65 ක (රුපියල් කෝටි 15535) විදේශ විනිමයක් උපයා ගත් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා පවසයි. ඉන් වැඩිම ආදායම වන ඩොලර් මිලියන 269.95 උපයා ඇත්තේ දියමන්ති ප්‍රතිඅපනයනයෙනි. මැණික් අපනයනයෙන් ඩොලර් මිලියන 194.52ක් සහ ස්වර්ණාභරණ අපනයනයෙන් ඩොලර් මිලියන 12.95 ක් උපයා තිබේ.

2024 ජනවාරි මාසයේ තුන්වැනි සතිය වන විට, ඩොලර් මිලියන 34ක් උපයා ඇත. 2024 වසරේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ඉලක්කය ඩොලර් මිලියන 1.1 ක් බවද සභාපතිවරයා පැවසීය. අධිකාරිය විසින් ගිය වසරේ උපයා තිබෙන විදේශ විනිමයට අමතරව, අපනයන සේවා සැපයීම මඟින් ලබා ගන්නා සේවා ගාස්තු වශයෙන් රුපියල් මිලියන 277.84 ක් උපයා ඇති බවත්, අධිකාරිය විසින් උපයන ලද සමස්ත ආදායමෙන් රුපියල් මිලියන 350ක් පසුගිය වසරේ මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති බවත් ඔහු පැවසී ය.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division