Home » බලාපොරොත්තු ඉටුකරන කඩවර දේව කන්නලව්ව

බලාපොරොත්තු ඉටුකරන කඩවර දේව කන්නලව්ව

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

මම මීට පෙර සඳහන් කළ පරිදිම කඩවර දෙවියන් ඉතාම හාස්කම් පිරි දෙවි කෙනකු මෙන්ම යක්ෂ සේනාධිපති කෙනෙකු වශයෙන් නැවත සඳහන් කළ හැකිය.

උන්වහන්සේගේ හාස්කම් සියැසින් දැකිය හැකි ප්‍රධාන ක්‍රමවේද දෙකක් මගේ අත්දැකීම් තුළින්ම ප්‍රකාශ කිරීමට හැකිය. එහි පළමුවැන්න කඩවර ගොටුවද දෙවැන්න කඩවර පිදේනියද වේ. සාමාන්‍යයෙන් කඩවර ගොටු දීම හොඳ සහ නරක යන දෙපැත්තටම පොදුය. හොඳ සහ නරකය දෙපැත්තෙන්ම කඩවර ගොටු දීමෙන් ප්‍රතිඵල කල් නොයවා ලබා ගත හැකිය. කඩවර ගොටුදීම සහ පිදෙනී දීම පිළිබඳ මතුවට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර සියල්ලට මුල්වන ‘කඩවර කන්නලව්ව’ ගැන මෙයින් ඔබ දැනුම්වත් කිරීමට කැමැත්තෙමි.

කඩවර කන්නලව්ව පස්වාන් දහසක් තෙද වරම් බල වරම් අණවරම් ඇති සෙනෙවි රත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස රාහුලු දාහක් ලෝහුලු දාහක් දා නිවෙනා අතරතුරදී කතරගම කන්ධස් ස්වාමින් වහන්ස කැටුව මුහුදු කරදිය වළල්ලේ සත්වාරයක් ගමන් කරමින් අසුර භවනයට වැඩ අසුරයන් සමඟ යුද කොට දිනා සූර්ය මණ්ඩලය උණු කරවා කතරගම අදෘෂ්ඨාන දිව්‍යමය රන් තොරනේ මුරතේවේ වැඩ වසන සෙනෙවිරත්න කඩවර හාමුදුරුවනේ මාගේ පූජා බලා ඒ කෙරෙහි බැල්ම ලා මාගේ අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර දෙන්නටත් මා කීවා අසන්නටත් මා කීවා කරන්නටත් කතරගම කන්ධස් ස්වාමීන් වහන්සේගෙන් වරම් තවද ලංකාව අහු රාජධානිය කොට දෙවිවරුන්ට අයත් ලෝක එක් දහස් අටක් පාලනය කළ පද්මාසුර නම් අසුර රාජාධිරාජයාගේ මහ සෙනවි පදවිය දරා විඩම්බේස්වර නමින් ප්‍රකට සිටි ඔබ වහන්සේට කරන කන්නලව්ව දිව කනින් අසා දිව නේත්‍රාවෙන් බලා දිව හස්තය දිගුකොට ඔබ වහන්සේගේ ගැත්තා වන මාගේ සකල දෝෂාන්ධකාරයන් දුරුවන් කර දී පිනට පිහිට වනවයි සිය වැරදි දහක් වැරදි තිබුණත් සමා කරන වස් සතුරන් මැඩවනවයි සිය වැරදි තිබුණත් සමා කරණවයි සතුරන් මැඬ ගත්තාට සෙත් සලසනවායි ඔබ කීර්ති පස්වාන් දහසක් ආයු බොහෝ වේවා ආයුබොහෝ වේවා ආයුබෝ වේවා.

මෙම කන්නලව්ව ඉතා බලසම්පන්න ගණ පිහිට වූ කන්නලව්වකි. මෙය භාවිතයෙන් ඉතා ප්‍රබල ප්‍රතිඵල ලැබිය හැකිය.

ජ්‍යොතිෂ විද්‍යා විශාරද කේ. එස්. එස්. යෝදින්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division