Home » සතියේ කලදවස

සතියේ කලදවස

අප්‍රේල් 1 සඳුදා සිට 7 ඉරිදා දක්වා

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

මේෂ 
පුණ්‍ය සිතිවිලි මතු කරයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් හරහාය. පුණ්‍ය සිතුවිලි උපදවමින් උදාවන සතිය ඔබ දෙලොවටම වැඩ සලසාගන්නා අයෙක් බවට පත්කරයි. කරන කියන රැකියා, ව්‍යාපාරවලින් ආදායම් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි. දුර ගමන්, විදෙස් ගමන් යෙදෙන්නට හැකියාව පෙන්වයි. ගෙදරදොර සමගිය දරුවන්ගේ කාරණාවලට සුබපල ගෙනදෙයි. අපල අවම කර ගැනීමට බුදුන් වහන්සේ වෙනුවෙන් ගිලන්පස නොවරදවා තබන්න.

සුබ අංක – 4, 5, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

වෘෂභ
ලැබීම් සහිතය

සඳු ගමන් කරන්නේ 8, 9, 10, 11 යන භාවයන් හරහාය. ආරම්භය සතුටුදායක නොවේ. කනගාටුදායක පුවත් කන වැකීමට පුළුවන. ඉන්පසු දින කිහිපය රැකී රක්ෂා, වෙළහෙළදාම් ආදියෙන් ලාභ ප්‍රයෝජන ගෙන දෙන දරුවන්ගේ ඉගෙනුම් කටයුතු දියුණුවන සුබ කාල පරාසයක් වනු ඇත. ලැබීම් සහිතය. උත්සාහයෙන් කටයුතු කරන්න. අපල අවම වීමට දසදිසා පිරිත කියන්න.

සුබ අංක – 3, 6, සුබ වර්ණය – ලා රෝස, සුබ දවස් – බදාදා, සිකුරාදා

මිථුන
සුබ සතියකි

සඳු ගමන් කරන්නේ 7, 8, 9, 10 යන භාවයන් හරහාය. රැකී රක්ෂා, වෙළහෙළදාම්වලින් ලාභ ප්‍රයෝජන ලබන පුණ්‍ය කටයුතුවලට දායකත්වයක් සපයන සතියකි. පවුලේ සමගිය සමාදානය රැක දෙයි. කර්ම බලය ශක්තිමත් වේ. පොදු වැඩ සාමාජීය සුබසාධන සේවාවන්ට යොමු වෙයි. ප්‍රසිද්ධිය ගෞරවය ලබයි. අපල අවම වීමට කොහොඹ පැළයකට සත්කාර කරන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

කටක
ව්‍යාපාර ලාභ

සඳු ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් හරහාය. රැකී රක්ෂා, ව්‍යාපාරවලින් ආදායම් ලබයි. අවහිරකම් මඟ හැරී ආර්ථිකය ශක්තිමත් වේ. අපල අසනීප ද පෙන්නුම් කරන බැවින් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. දරුවන්ගේ අධ්‍යාපනික කටයුතුවල ප්‍රගතියක් පෙන්වයි. සතිය අවසානයේ පුණ්‍ය කටයුත්තකට සහභාගී විය හැකිය. අපල අවම වීමට කුඩා දරුවනට ආදරය රැකවරණය දෙන්න.

සුබ අංකය – 7, සුබ වර්ණය – සුදු, සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ
යහපත් සතියකි

සඳු ගමන් ගන්නේ 5, 6, 7, 8 යන භවයන් හරහාය. දරුවන්ගේ සියලු යහපත් කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වන ලකුණු. සතුරු කරදර අවම වී සිතෙහි සැනසීම ගෙන දෙයි. ආදර සබඳතා ගොඩ නැඟෙයි. යුගදිවිය සතුටින් සමාදානයෙන් ගත කරන අතර පොදු වැඩවලට උදවු උපකාර කරයි.

අපල අවම වීමට කුසගින්නේ සිටින කෙනෙකුට ආහාර වේලක් දෙන්න.

සුබ අංක – 4, 8, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා
ගෙදර දොර කටයුතු නොපිරිහෙලා ඉටු කරයි

සඳු ගමන් ගන්නේ 4, 5, 6, 7 යන භාවයන් මතිනි. ගෙදරදොර වැඩ කටයුතු නොපිරිහෙලා ඉටුකරමින් රැකී රක්ෂා කටයුතුවල ද නියැලෙමින් අවිවේකී දිවියක් ගත කළද සිතෙහි සැනසීම උපදී. සතුරන් මිතුරු වේ. සමාජයෙන් බුහුමන් ලබයි.

අපල අවම වීමට කුඩා දරුවෙකුට පොතක්, පෑනක් දෙන්න.

සුබ අංක – 3, 5, සුබ වර්ණය – කොළ, සුබ දවස – සිකුරාදා

තුලා
සහෝදර මවු පිය බැඳීම් වර්ධනය වේ

සඳු ගමන් ගන්නේ 3, 4, 5, 6 යන භාවයන් මතිනි. සහෝදර මා පිය දූ දරු බැඳීම් වර්ධනය වේ. පුණ්‍ය කටයුතු පොදු වැඩ ආදියට එකමුතුව සහයෝගය දෙයි. දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය පිළිබඳ සතුටු විය හැකිය. ආර්ථිකය ශක්තිමත් බවක් ගොඩනැඟෙයි. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ගෙන දෙයි.

අපල අවම වීමට කරඳ පැළයකට සත්කාර කරන්න.

සුබ අංකය – 6, සුබ වර්ණය – ක්‍රීම්, සුබ දවස – සෙනසුරාදා

වෘශ්චික
අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් ගන්නේ 2, 3, 4, 5 යන භාවයන් හරහාය. ඔබගේ රැකියා, ව්‍යාපාර ආදියට පාරිභෝගිකයා ඇදී එයි. වචනයේ ප්‍රියමනාප බව අන්‍යයන්ගේ සිත් ගනියි. සහෝදර මවුපිය උපකාර හිමිවේ. දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සතුටු විය හැකි වාතාවරණයක් ඇත. මිල මුදල් මෙන්ම උසස් උගත් හිත මිතුරු අයගේ උපකාර නොමඳව ලැබෙන ඉදිරි සතිය යහපත්ය.

අපල අවම වීමට පංච ශීලය රැකීම ප්‍රමාණවත්.

සුබ අංක – 2, 4, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු
ආර්ථිකය යහපත් වේ

සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3, 4 යන භාවයන් හරහාය. ඔබ සමාජීය පොදු වැඩවලට සහභාගිත්වය දක්වන අතර අන්‍යයන් අතර ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත්වෙයි. ඒ අයගේ ගැටලු ඔබට පවසා නිරාකරණය කර ගැනීමට එනු ඇත. යුක්තිය සාධාරණය අනුව සහ අනුකම්පා සහගතව කටයුතු කරන මේ සතිය ගෘහ ජීවිතය තුළ ආර්ථිකය සමගිය වර්ධනය වේ. අපල අවම වීමට ධර්මය අසන්න.

සුබ අංක – 5, 6, සුබ වර්ණය – කහ, සුබ දවස – බදාදා

මකර
මිශ්‍රඵල ගෙන දෙයි

සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2, 3 යන භාවයන් හරහාය. ආරම්භය දුර ගමනක් හෝ යෙදිය හැකි අතර ගැටලු සහගත විය හැක. එහෙත් ඉන්පසුව දින කිහිපය ඔබට අවහිර බාධා නොමැතිව තම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙන ලැබීම් සහිත වකවානුවකි. සහයෝගයෙන් සියලු දෙනා සමඟ හොඳ හිත පතුරුවමින් ගෘහ ජීවිතය, රැකියාව පවත්වාගෙන යයි.

අපල අවම වීමට භාවනාවක යෙදෙන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

කුම්භ
ධන ලාභ

සඳු ගමන් කරන්නේ 11, 12, 1, 2 යන භාවයන් හරහාය. ආරම්භයේ ඔබට කුමන ආකාරයකින් හෝ මුදල් අතට ලැබෙන්නට පුළුවන. රැකියා, ව්‍යාපාර ආදියෙන් වන්නට ඉඩ තිබේ. දෙවන තුන්වන දිනවල සාමාන්‍ය අන්දමේ ලාභ ප්‍රයෝජන හිමිවේ. සමහර අවස්ථාවල කල්පනාකාරී නොවුනහොත් ඔබේ මුදල් නිකරුනේ වැය වීමට ඉඩ ඇත. ගෘහ ජීවිතය සමාදානයෙන් ගත වේ.

අපල අවම වීමට සතෙකුට ආහාර, ජලය දෙන්න.

සුබ අංක – 3, 8, සුබ වර්ණය – නිල්, සුබ දවස – සිකුරාදා

මීන
යහපත් සතියකි

සඳු ගමන් ගන්නේ 10, 11, 12 හා ලග්නය මතිනි. රැකියා සඳහා බොහෝ ඇවිදිලි වැඩ යෙදෙයි. එහෙත් ලාභ ප්‍රයොජන ඇත. විදෙස් ගමන් ඉල්ලා තිබූ අයට ලැබීමට පුළුවන. ගෙදර දොර පිළිවෙළ පිරිසිදුකමට මුල්තැනක් දෙන මේ සතියේ ඔබගේ කර්ම බලය ද ඉස්මතු වන බැවින් පුණ්‍ය කටයුතුවලට දායක වෙයි.

අපල අවම වීමට රෝගීනට උපකාර කරන්න.

සුබ අංක – 3, 9, සුබ වර්ණය – කහ, සුබ දවස – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division