මත්ද්‍රව්‍ය පසුගිය කාල වකවානුව පුරාවට මෙරට ජන සමාජය තුළ කතාබහට ලක්වූ සේම වර්තමානයේ ද ප්‍රබලව කතාබහට ලක්වන මාතෘකාවකි. දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම, තරුණ පරපුර ඊට ගොදුරු වීම සමාජ ව්‍යසනයක් බවට පත්වෙමින් තිබේ.
මුළු රටම වෙලාගෙන තිබෙන යුද්ධයකට සමාන අභියෝගයක් වූ මෙම සමාජ ව්‍යසනය කතාවට පමණක් සීමා නොවී රට පුරාම ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය, ආරක්ෂක අංශ, වගකිවයුතු පුද්ගලයන් දැඩි අවධානය යොමු කර ඇත. ‘යුක්තිය මෙහෙයුම‘ එහි ප්‍රතිඵලයකි.
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන්ගේ ජාලයන් මර්දනකර ඔවුන් අත්අඩංගුවට ගනිමින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම අරමුණු කර ගනිමින් සිදු කරන්නා වූ “යුක්තිය” මෙහෙයුමේ හලාවත පොලිස් කොට්ඨාසයේ `වෙන්නපුව මූලස්ථාන පොලිසිය මඟින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇබ්බැහි වුවන් හා නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් සම්බන්ධව විවිධ තොරතුරු ලබා ගැනීමට උපාය දූතයන් මෙන්ම පොලිස් නිලධාරීන් සමාජයේ වෙසෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් හෝඩුවාවන් සෙවීමට මේ වන විට කටයුතු කරමින් සිටිති.
මේ අනුවයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන ඇතුළු නිලධාරීන් බුද්ධි අංශ මඟින් තොරතුරු ලබා ගනිමින් සැක කටයුතු ස්ථාන වැටලීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ සති කිහිපයක සිටය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේනට දංකොටුව සහ වෙන්නප්පුව ලුණුවිල ගිං ඔය ආශ්‍රිතව පවත්වාගෙන යන මහා පරිමාණ කසිප්පු ස්කාගාර දෙකක් පිළිබඳ තොරතුරක් ලැබෙන්නේ උපාය දූතයන් මාර්ගයෙනි. මේ අනුව පළමුව දංකොටුව ප්‍රදේශයේ කසිප්පු ස්කාගාරය වැටලීමට පොලිසිය තීරණය කරන ලදී. නිලධාරින් එම ස්ථානයට ළඟා වන විටත් කසිප්පු නිෂ්පාදනය සිදු වෙමින් තිබූ අතර නිෂ්පාදනාගාරයේ සේවකයන් කීප දෙනෙක්ම පොලිස් නිලධාරීන්ගේ පැමිණීම ඉව වැටී පලා යාමට කටයුතු කළේය. එහෙත් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරයන්ට හැකි විය. නිවසක් තුළ ඉතා සූක්ෂමව පවත්වාගෙන ගිය මෙම ස්කාගාරයේ තිබී ගෝඩා බැරල් දහයක්, දඟර කීපයක් කසිප්පු බෝතල් 450කට අධික ප්‍රමාණයක් ඇතුළු කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගී කර ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගැනීමට සමත් විය.
වයස අවුරුදු තිස්අටක් වන ප්‍රධාන සැකකරු එම ප්‍රදේශයේම පදිංචි අයෙකි. පොලිසියට සැක නොසිතන අන්දමින් එම නිවසේ කාමරයක් තුළ මෙම ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත. නිෂ්පාදනය කිරීමේදී ඉවත් වන සියලු දෑ භූගත කොන්ක්‍රීට් වළකට රැස්කිරීමට කටයුතු කර තිබුණේ කිසිවෙකුට සැක නොසිතන අන්දමිනි. මෙහි නිෂ්පාදනය කළ කසිප්පු ජා-ඇළ, වත්තල, පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවකට තොග වශයෙන් අලෙවි කරන බව හෙළි විය.
ඉන් අනතුරුව ලුණුවිල ප්‍රදේශයේ ගිං ඔය අසබඩ ළඳු කලෑවක ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ ඉස්කාගාරය වැටලීමට කටයුතු කළේය. එම ස්ථානයට ළඟා වීමට දැඩි වෙහෙසක් දැරීමට පොලිස් නිලධාරීන්ට සිදු විය. ගිං ඔය තරණය කිරීමට ඔවුන්ට සිදු වීම ඊට හේතුවයි. මෙම වැටලීම සිදු කිරීමට එදින අලුයම හතරට පමණ කටයුතු කළේ ලබාගත් තොරතුරු මත කසිප්පු නිෂ්පාදනය කරන අවස්ථාව ඒ කාලය තුළ හේතුවෙනි. ඒ අනුව සාර්ථක වැටලීමක් සිදු කිරීමට නිලධාරීන්ට හැකි විය. ඉස්කාගාරය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු ඇතුළු තවත් කිහිප දෙනෙක් එහිදී අත්අඩංගුවට ගැනිණි. ගෝඩා බැරල් දොළහක්, දඟර කීපයක් ඇතුළු කසිප්පු නිෂ්පාදනය කිරීමට ගන්නා උපකරණ රැසක් මෙහිදී පොලිස් භාරයට පත්විය. එහි නිෂ්පාදනය කරන කසිප්පු කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අලෙවි කරන බව හෙළි වූයේය.
මේ අනුව වෙන්නප්පුව පොලිස් වසමට අයත් ප්‍රදේශ ගණනාවක සිදු කළ වැටලීම්වලදී නිෂ්පාදනය කළ කසිප්පු බෝතල් 1795 ක් සමඟ සැකකරුවන් දෙසිය හතක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
යුක්තිය මෙහෙයුමට සමගාමීව වෙන්නප්පුව පොලිස් වසම තුළ සිදු කරන්නා වූ වැටලිම්වලදී අයිස්, හෙරොයින්, ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයන් 183 ක් අත්අඩංගැනීමට සමත් විය. ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 489ක්, හෙරොයින් ග්‍රෑම් 274ක්, ගංජා ග්‍රෑම් 600ක්ද අත්අඩංගුවට ගැනිණි.
අයිස් හෙරොයින් ඇතුළු මෙම මත්ද්‍රව්‍ය බොහෝ දුරට අලෙවි කරන්නේ ‘ඊෂි කෑෂ්‘ ක්‍රමයට බව හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි විය. මේ ඒ අනුව දුරකතන විශ්ලේෂණ වාර්තා විමර්ශනය කරමින් තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව වෙන්නප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන පැවැසීය.
යුක්තිය මෙහෙයුමට සමගාමීව හලාවත පොලිස් කොට්ඨාසයේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් දිවා රාත්‍රී නොබලා මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් දුර ගමන් සේවා බස්රථ ඇතුළු සෙසු වාහන පරීක්ෂාවට ලක් කරනවා. යතුරුපැදිවලින් පාපැදිවලින් නිලධාරින් දිවා රාත්‍රී මුර සංචාරවල යොදවනවා. ඒ වගේම බුද්ධි අංශ සමාජයේ වෙසෙන විවිධ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් යුක්තියට කොටු කර ගැනීමට හැකි සෑම උපාය මාර්ගයක්ම ගනිමින් සිටිනවා. මේ අනුව සාර්ථක වැටලීම් රැසක් සිදු කරමින් අයිස් හෙරොයින් ගංජා කසිප්පු ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ සැකකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා .
හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරිය බණ්ඩාරගේ උපදෙස් මත වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි වසන්ත කුමාරගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද ගුණසේන, සැරයන්වරුන් වන 75175 තරංග, 8457 සේනක ඇතුළු නිලධාරින් පිරිසක් මෙහෙයුම් සඳහා එක්වූහ.
මිහිර විජේසේකර - මාරවිල සමූහ