Home » නත්තල පිළි­ගන්න සැර­සෙන අග­නු­වර

නත්තල පිළි­ගන්න සැර­සෙන අග­නු­වර

by Mahesh Lakehouse
December 23, 2023 12:30 am 0 comment

– රුපි­යල් 1000 ඉඳන් ගව­ ලෙන් මිලදී ගන්න පුළු­වන්
– චීනෙන් ගෙනාපු අඩි හතර නත්තල් ගහ රුපි­යල් 5,750යි. අඟල් 18 හුළං පුම්බන නත්තල් සීයා රුපි­යල් 350යි
– ගියපාර නත්තල් ගස් අඩි 5 වික්කේ 7,500ට. මේ සැරේ දහ­ දා­හ­ටත් වැඩියි

රෑ තරු බබ­ළ­නවා
මල් පිපිලා වාගේ
එළි­යෙන් නැහැ­වෙ­නවා
මල් වැහැලා වාගේ
රැව් පිළි රැව් දෙනවා
ගීත නාද වාගේ//
බිලි­ඳකු හිනැ­හෙ­නවා
මුහු­දක රැලි වාගේ….

නත්තල් කියූ සැණින් අපේ මත­ක­යට එන්නේ මර්ස­ලින් ජය­කොඩි පිය­තු­මාය. මෙරට නත්තල් ඉති­හා­සය තුළ එය සිංහ­ල­යෙන් සංකේ­තා­ත්ම­කව ගීත­වත් කළේ ජය­කොඩි පිය­තු­මාය.

ජය­කොඩි පිය­තුමා කිවුවේ මගේ නත්තල දුගියා බත් කන දාය කියාය. මේ කිය­මන ප්‍රායෝ­ගි­කව ඔප්පු කර­මින් කාදි­න­ල්තුමා පසු­ගි­යදා අපූරු ප්‍රකා­ශ­යක් කරන ලදී.

මෙදා නත්තල් ආහාර වේල තමා දිළි­න්දන් සමඟ ගන්නා බව කොළඹ අග­ර­ද­ගුරු මැල්කම් රංජිත් කාදි­න­ල්තුමා පසු­ගිය අඟ­හ­රු­වාදා සවස කොළඹ අග­ර­ද­ගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමු­ව­කදී පව­සන ලදී. අද රටේ පව­තින ආර්ථික අහේ­නිය පිළි­බ­ඳව අද­හස් දැක්වූ කාදි­න­ල්තුමා මෙදා නත්ත­ලෙන් අප ලබා දිය යුතු පණි­වු­ඩය අහිං­සක දිළිදු පවු­ල්ව­ලට උදව් උප­කාර කිරීම යැයි ද පැව­සීය. නත්තල වෙනු­වෙන් බොරු විය­දම් නොකර අස­රණ පවු­ල්ව­ලට උදව් උප­කාර කිරී­මට නත්ත­ලෙන් දිය යුතු ආද­ර්ශය බව ද කාදි­න­ල්තුමා කීවේය. පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බ­ඳව පරී­ක්ෂණ වාර්තා ගැන ඇමැ­ති­ව­රයා එක මත­යක් ද ජනා­ධි­ප­ති­ව­රයා තව මත­යක් ද දරන බවත් පාස්කු ප්‍රහා­රයේ වග­කිව යුත්තන් පිළි­බ­ඳව නිසි විම­ර්ශ­න­යක් තව­මත් ක්‍රියා­ත්මක කර නැති බවත් කාදි­න­ල්තුමා කීවේය.

කාදි­න­ල්තුමා නත්ත­ලට බොරු විය­දම් කර­න්නට එපා කිවුවත් පසු­ගි­යදා අග­ර­ද­ගුරු නිල නිව­සේදී පැවති කිතුණු කලා­ක­රු­වන්ගේ නත්තල් උත්ස­ව­යේදී ගීත­යක් ගායනා කර­න්නට ද අම­තක කළේ නැත.
බොහෝ දෙනා සිතා සිටියේ අග­ර­ද­ගු­රු­තුමා මර්ස­ලින් ජය­කොඩි පිය­තු­මාගේ ‘නත්තල් ගීයක්’ ගයනු ඇති බවය. ඒත් කාදි­න­ල්තුමා ගායනා කළේ ඇනස්ලි මාලේ­ව­නගේ ගීත­යකි.

මන්ගෝ කළු නැන්දේ
මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා
ගෙද­රින්… පැන­ගත්තේ
මන්ගො නැන්දගේ දුව අංගො කුමාරි
ගිය සුමානේ පැනල ගිහිල්ලා
ඇය හඬ වැල­පිලා පොළවේ හැපී නැඟි­ටලා
වැඩක් නෑනේ දැන් පසු­තැ­විලා

මේ කාදි­නල්තුමා ගායනා කළ ගීයේ කොට­සක් පමණි. අන්ත­ර්ජා­ලයේ කාදි­න­ල්තු­මාගේ මේ ගීතය නැරඹූ පිරිස ලක්ෂ ගණ­නකි.

කාදි­න­ල්තුමා බොරු සැර­සිලි යැයි කියු­වත් නත්තල් සැර­සි­ලි­ව­ලට කොළඹ සූදා­නම ගැන අප මුලින්ම සොය­න්නට ගියේ කොච්චි­කඩේ පල්ලිය ඉදි­රි­පි­ට­ටය.

පාර අයිනේ ගව­ ලෙන් අලෙ­වි­යට තබා­ගෙන සිටින තරු­ණ­යකු අපට දැක­ගත හැකි විය. ඔහු නමින් ජනන් කුමා­ර­ත්නය.
“මම ගව­ ලෙන් ගේන්නේ වෙන්න­ප්පු­වෙන්. මගේ ගම මෙහේ. වෙන්න­ප්පු­වෙන් පොඩි ලොරි­යක දාගෙන මෙහෙට ගේනවා.”

“ගව­ලෙ­නක් කීයද?”
“රු. 1000/=යි” ජනන් කීය.
“ගව ­ලෙන යටට දාන්න පිදුරු පැකට් 1ක් දෙනවා.”

පදික වේදි­කාවේ අඩි 2ක් පමණ දිග අඟල් හයක් පමණ පළල පොලි­තින් බට­යක ඇසිරූ පිදුරු අපට දැක­ගත හැකි මන­ස්කාන්ත දසු­නක් විය.
“පිදුරු පැකට් 1ක් කීයද?”
“රු. 200/=යි.”

ජනන් කියන්නේ නත්තල් බිස්නස් පිකප් වන්නේ දෙසැ­ම්බර් 22න් විතර පසු බවය.
“මං මේ බිස්නස් එක අවු­රුදු 5ක් තිස්සේ කර­නවා. කලින් තාත්තා තමයි මේ බිස්නස් එක පටන් ගන්නේ.”
“දැන් මේ බිස්නස් එකෙන් ලොකු ලාභ­යක් ඇති නේද?” මම අසා සිටි­යෙමි.
“අම්මෝ! එහෙම ලොකු ගාණක් නම් හිතා ගන්න­වත් බැහැ. එහෙම හම්බ වෙනවා නම් ඉතින් හැම­දාම අපිට නත්තල් තමයි.”

නත්තල කියූ සැණින් අප මත­ක­යට එන භෞතික වස්තූන් කීප­යක් නම් නත්තල් සැර­සිලි, නත්තල් කේක්, නත්තල් වයින් ය. එහෙත් වරක් සුරා­බදු කොම­සා­රි­ස්ව­රයා පවසා සිටියේ නත්තල් වයින් සෑදීම සුරා­බදු ආඥා පනත කැඩී­මක් බවය.
කොලො­ම්පුර කතෝ­ලි­ක­යන් වැඩි­පුර ගැව­සෙන ප්‍රදේ­ශ­යක් වන්නේ කොට­හේ­නය. නත්ත­ලට සූදා­නම් වෙමින් තිබූ බොහෝ අලෙ­වි­හ­ල්වල නත්තල් වයින් දක්නට ලැබුණි. ඒත් තමන් විසින්ම හදන නත්තල් වයින් දැක­ගත හැකි වූයේ කිහි­ප­ ප­ළක පමණි. අනික්වා ඔක්කොම රාගම පැත්තේ කොම්පැ­ණි­යක් වෙළෙ­ඳ­ ප­ළට නිකුත් කොට තිබූ නත්තල් වයින්ය. ඒ කියන්නේ දැන් අච්චාරු, කඩල කරත්ත ව්‍යාපාර ආය­ත­න­ගත වූවාක් මෙන්ම දැන් නත්තල් වයින් ද බිස්නස් එකක් වී හමා­රය.

නත්තල් වයින් කෙසේ වෙතත් නත්තල් කේක් ගැන අප සමඟ කතා­වට එක් වූයේ නත්තල් කේක් හද­න්නට බඩු ගන්නට පරණ මාළු මාකැ­ට්ටුව ළඟ ගෘහ­ණි­යන් පොර­ක­ද්දීය. ඊට යාබ­දව ඇති කේක් බඩු කඩ­වල පවා ජන­තාව පිරී ඉතිරී පේමන්ට් එකේ පවා රැඳෙනු දැකගත හැකි විය.

ප්‍රධාන කේක් අයි­ටම් කඩ­යක අලෙ­වියේ නියුතු ‘වසීම්’ අපට මෙසේ අද­හස් දැක්වීය.
“අපේ රටේ කේක් හැම­දාම හදන කෑමක්. ඒත් ක්‍රිස්මස් කේක් විශේ­ෂයි. මේ සැරේ බඩු මිල වැඩි­වුණා කියල ක්‍රිස්මස් කේක් හැදිල්ල මිනිස්සු නැවැ­ත්තුවේ නැහැ. කේක් බඩු පොඩ්ඩ පොඩ්ඩ අරන් ගිහිල්ල තමන්ට පුළු­වන් විදි­හට ක්‍රිස්මස් කේක් හද­නවා. ගෙදර ක්‍රිස්මස් කේක් හදන්න හැමෝම කැම­ැතියි.”

පිට­කො­ටුවේ හරස් වීදි­ව­ලින් ගමන ආරම්භ කළ අපි සොයා ගියේ නත්තල් සැර­සිලි අලෙ­වියේ නියුතු වෙළෙ­න්දන්ය. දෙවැනි හරස් වීදියේ පළමු නත්තල් සැර­සිලි කඩයේ අලෙ­වි­කරු අප පින්තූර ගන්න­වාට විරුද්ධ විය. ඒත් අද­හස් දැක්වූ­වේය.

“තාම මාකට් එක හිට් වුණේ නැහැ බොස්. තාම කට්ටිය ක්‍රිස්මස් අයි­ට­ම්වල ගණන් අහ­නවා විත­රයි.” කඩයේ ප්‍රධාන වශ­යෙන් තිබුණේ දිලි­සෙන පාට පාට බෝල හා තරුය. නත්තල් ගස් පෙළ­ගස්වා තිබුණි.

මේ බොහෝ නත්තල් සැර­සිලි අලෙවි කරන වෙළෙ­න්දන් ක්‍රිස්තු භක්ති­ක­යන් යැයි ඔබ සිතු­වොත් වැරැ­දිය. ඒ බොහෝ දෙනා අත­රින් වැඩිම පිරි­සක් අපට දැක ගත හැකි වූයේ මුස්ලිම් ජාති­ක­යන් ය.

මැනු­වෙල් ජෙග­නා­දන් අලෙවි කර­මින් සිටියේ මුළු­ම­නින්ම ගව ­ලෙන් සහ ඒවායේ තබන බිලි­ඳුන්ගේ රූප, එඬේ­රුන්ගේ පිළිරූ ආදී නිෂ්පා­ද­නය.

“කොච්චර නැති බැරි වුණත් හැම ක්‍රිස්ති­යානු ගෙද­ර­කම ගව­ ලෙ­නක් හද­නවා. දැන් මේ කොට­හේන පැත්තේ තාමත් ගෙයින් ගෙට ගිහිල්ලා ක්‍රිස්මස් කැරොල් ගායනා කර­නවා. ඒක අවු­රුදු 100කටත් එහා ඉඳන් තියෙන පුරු­ද්දක්. සම­හරු කොච්චි කඩේ පල්ලියේ භාර­ව­ල­ටත් මේ ගව ­ලෙන් පූජා කර­නවා. අඩි 4 -5 ඉටි­ප­න්දම් පත්තු කර­නවා. මේ ගව­ ලෙ­නක් රුපි­යල් 1900/=යි. අඩි 5 උස ඉටි­ප­න්ද­මක් රුපි­යල් 700ක් වෙනවා. හැබැයි ඔය ඉටි­ප­න්ද­මක් පත්තු කරල ටික වෙලා­වක් යන­කොට නිවල අයින් කර­නවා.”

නත්තල් ගස් අප බොහෝ­විට දැක ඇත්තේ චීන­යෙන් ගෙනා ප්ලාස්ටික් ඒවාය. ඒත් සම­හරු කැමැති ස්වාභා­වික නත්තල් ගස්ව­ල­ටය. මේ ගසට අප ඇසූ තැන් තුන­කින් කිව්වේ නම් තුනකි. කස ගස, සයි­ප්‍රස් ගස් හා පයි­නෝල් ගස්ය. අඩි 3 – 4ක් උසට කපා ඇති මේ ගස් අතු ළඟට කිට්ටු වු විට ආඝ්‍රා­ණය වූයේ මල්ව­ඩ­ම්ව­ලට සවි කරන නාසිය කඩා­ගෙන යන පයි­නෝල් නම් විෂ­බීජ නාශ­කයේ ශාඛයේ සුව­ඳකි.

ලංකාවේ කොලො­ම්පුරේ අඩුම මිල­කට ලී කඳන් මිලදී ගත හැක්කේ ‘තොට­ළඟ’ දීය. මේ නත්තල් ගස් විකු­ණ­මින් සිටි කිහි­ප­දෙ­න­කු­ගෙන්ම දැන­ගත හැකි වූයේ ඔවුන් පැමි­ණියේ තොට­ළඟ සිට බවය. ඒ කියන්නේ කොළඹ ලී කඳන් සප­යන ව්‍යාපා­ර­ක­යන් නත්තල් කාලයේ තමන්ගේ ලොරි­වල පටවා ගෙන මේ නත්තල් ගස් වෙළෙ­ඳ­ප­ළට ගෙන එන බව නොවේද? ඒත් මේ වෙළෙ­න්දන් කියන්නේ වෙනත් කතා­වකි.

“ගිය පාර නත්තල් ගස් අඩි 5 උස වික්කේ රුපි­යල් 7500/=ට. මේ සැරේ දහ­ දා­හ­ටත් වැඩියි. කොහො­මත් මේ ගස් නත්තල් ළංවෙ­න­කොට ගන්නේ තරු­පහේ හෝට­ල්වල ඩෙක­රේ­ෂ­න්ව­ලට. සම­හර ගස් රුපි­යල් 25,000/=ටත් ගන්න අය ඉන්නවා.
ඉන්පසු අපි පිවි­සුණේ නත්තල් සැර­සි­ලි­ව­ලට නම් දැරූ චයිනා වීදි­යට ය. මුල සිට අග­ට­ම දෙව­රක් සෝදිසි කර බැලු­වත් එක කඩ­ය­ක­වත් නත්තල් සුබ පැතුම් තිබුණේ නැත. වෙන­දාට චීන­යෙන් ගෙනා කාඩ් එක විවෘත කළ විට ජින්ගල් බෙල්ස් නමින් වාද­නය වෙමින් තිබෙන පත්තු වෙන ලයිට් ඇති කාඩ්පත් එක් තැනක විය. එකක මිල රුපි­යල් 1600/=කි. වෙන­දාට මේ කාඩ් එකක් තොග මිල රුපි­යල් 125කි. කාඩ්ව­ලට නම් දැරූ මැලි­බන් වීදි­යේ­වත් නත්තල් සුබ පැතු­ම්පත් දකි­න්නට තිබුණේ නැත.

“දැන් කවුද ක්‍රිස්මස් කාඩ් අරින්නේ. ඉන්ට­නෙට් එකෙන් ක්‍රිස්මස් ග්‍රිටින්ස් අයි­ටම් එකක් ඩවු­න්ලෝඩ් කරලා ඕනේ කෙනාට ඊමේල් කළා. එච්ච­රයි.” සුටුස් ගාලා නත්ත­ලට විෂ් කළා.

කොච්චි­කඩේ පල්ලිය ඉදි­රි­පිට මොහො­මඩ්ගේ කුටියේ මුළු­ම­නින්ම තිබුණේ නත්තල් ගස් හා හුළං පුම්බන නත්තල් සීයලාය.
“මේ නත්තල් ගස් ලංකාවේ හද­පු­වාද? මම අසා සිටි­යෙමි.
“මොනාද බොසා ලංකාවේ හදන්නේ, පිස්සුද? මේවා චයිනා බඩු. අඩි හතර නත්තල් ගහ රුපි­යල් 5,750/=යි. ඔය අඟල් 18 හුළං පුම්බන නත්තල් සීයා රුපි­යල් 35/=යි.”
මේ නත්තල් සැර­සිලි විකු­ණන පාසල් සිසු­වෙක් ද අපට දැක­ගත හැකි විය. ඔහු වතුර බොන ප්ලාස්ටික් කප්වල පස් පුරවා වී වගා­කොට තිබුණි.

“ගව ­ලෙ­නට තියන්න තමයි මේ වී වගා කරලා තියෙන්නේ. පොඩි කප් ජෝඩු­වක් රුපි­යල් 200/=යි.”
මේ සිසුවා නමින් රොහාන් සෙබ­ස්ති­යන්ය. ඔහු ද පැමිණ සිටියේ තොට­ළඟ සිටය.
ක්‍රිස්මස් සැර­සි­ලි­ව­ලට නම් දරාපු තැන පීපල්ස් පාක් එකය. එම කඩ­යක සිටි ක්‍රිස්ටෝ­පර් අප සමඟ සුහද වූයේ අප ලේක්හ­වු­සියේ බව දැන­ගෙ­නය.

“මාත් වැඩ කළේ ලේක්හ­වුස් බුක්ෂොප් එකේ. ගොඩක් අය තාම ක්‍රිස්මස් බඩු ගණන් අහලා යනවා.
“පොඩි ළමයි එනවා ක්‍රිස්මස් බඩු ගන්න. ගාණ අහල අම්මලා තාත්තලා පුදුම වෙනවා. ළමයි ආසා­වෙන් බලන් ඉන්න­කෙට අපි­ටත් දුකයි. පොඩි දෙයක් නම් නිකන් දෙනවා. මේ ගොඩක් බඩු ගිය සැරේ ඉතුරු වෙච්චා. මේ සැරේ චීනෙන් ඉන්දි­යා­වෙන් බඩු ආවා අඩුයි.”

අප මේ පීපල්ස් පාක් සැරි­ස­රද්දි නත්තල් සැර­සිලි ගන්නට ආ සිස්ටර්ලා දෙදෙ­නකු දැක­ගත හැකි­විය. ඔවුන් දෙදෙනා පැමිණ සිටියේ උතු­රු­ක­ර­යෙනි. ඔවුන් නත්තල් බඩු තෝරන දසු­නක් අප ඡායා­රූ­ප­යට ගත්තේ කල­බ­ල­යෙනි.
“යාපනේ බස් එක අද්ද­නවා. මේ බඩු ටික බැගේජ් දාගන්න ඕන.” ඔවුන් දෙදෙනා අප සමඟ පැව­සීය.
මේ අතර දිස්නා අශාන්ති පැමිණ සිටියේ තම කුඩා පුත­ණු­වන් ද සම­ඟය.

“පුතා යන්නේ කොට­හේන සෙන් බෙන­ඩික්ට්. ඉස්කෝලේ නත්ත­ලට පන්ති සර­සන්න බඩු ගන්න ආවා. ගිය සැරේට වැඩිය මේ සැරේ බඩු ගණන්. ටික ටික ගන්නවා. අම්මලා තාත්තල සල්ලි එකතු කරල මට තමයි දෙන්නේ.”
මේ නත්තල් ඩෙක­රේ­ෂ­න්වල මිල වැඩි­වීම අපට නම් සිතා­ගත නොහැ­කිය. පීපල්ස් පාක් තොග ‍වෙළෙන්දන්ගෙන් අප මේ ගැන විම­සු­වෙමු.

“චීනේ – ඉන්දි­යාවේ මේ ක්‍රිස්මස් අයි­ටම් ගිය අවු­රුද්දේ තිබ්බ ගාණ­මයි. ඉස්සර මේවා ආවේ කන්ටේ­නර් ලෝඩ්. දැන් එහෙම ගේන්නේ නැහැ.

“මේ ඔක්කෝම හෑන්ඩ් ලොඩ් (ගුවන් යානයේ අතින් ගේන්නේ) කිලෝ එක­කට ගිය අවු­රුද්දේ තුන්දා­හක් ඩියුටි ගැහුවා. අඩි අට නත්තල් ගහක් කිලෝ හත­රක් බරයි. එත­කොට ගහට ඩියු­ටිය විත­රක් රුපි­යල් 12,000යි. ප්ලේන් එකේ ගේන්න දෙන්නේ කිලෝ 30ක් විත­රයි. ඉතින් මේ බඩු ගණන් යන්නැ­තුව තියේද? ක්‍රිස්මස් ළං වෙන කොට මේ බඩු තවත් ඩිමාන්ඩ් වෙනවා. ක්‍රිස්මස් කට ගාවට ආවම කොම්පැ­ණි­කා­රයෝ කීය කිවුවත් ක්‍රිස්මස් අයි­ටම් ගන්නවා, ඔෆිස් සර­සන්න. මේ සැරේ ඩියු­ටිය ගිය සැරේ­ටත් වඩා වැඩියි.”

පොදුවේ ගත් විට මෙවර නත්තල් සැර­සිලි ගන්නට කොළ­ඹට එන පිරි­ස සත්අ­න්තය ළඟා වන විට දැවැන්ත ලෙස වර්ධ­නය වෙමින් පවතී. මේ බොහෝ­දෙනා පැමිණ සිටියේ කුඩා දරු­වන් සම­ඟය. ඒ කියන්නේ ආගම් භේද­ය­කින් තොරව බෞද්ධ ළමයි පවා තම දෙමා­පි­යන් සමඟ පැමි­ණීම මෙරට ආග­මික සහ­ජී­ව­නයේ කදිම සාක්ෂි­යක් වී හමා­රය.
ඇත්තෙන්ම මේ නත්තල් සැර­සිලි නිරූ­පිත නත්තල සමඟ සම­ගා­මීව යාදැයි ඇතැම් නත්තල් විසූක දස්සන දුටු­විට අපට ප්‍රශ්න­යක් පැන නැඟුණි.

වත්මන් ලෝකයේ පව­තින ප්‍රමු­ඛ­තම උප­න්දින මහෝ­ත්ස­වය නත්ත­ලයි. යේසුස් ක්‍රිස්තුස් වහ­න්සේගේ උපත සිහි­පත් කිරීම ඊට හේතු­වයි. උන්ව­හ­න්සේට වඩාත් ගෞර­ව­යක් ලැබෙන ආකා­ර­යට සහ තමාට මෙන්ම සමා­ජ­ය­ටත් ඵල­දා­යක වන අයු­රින් මෙම දිනය සැම­රී­මට උත්සුක වීම අනු­ගා­මික ශාස්තෘ­ව­ර­යා­ණන් වහන්සේ කුම­නා­කාර පුද්ග­ල­යෙ­ක්දැයි ලෝක­යට හඳුනා ගත හැකි වන්නේ එයා­කා­ර­යෙන් නිසයි.

ක්‍රිස්තුස් වහ­න්සේගේ උපත සම­රන නත්තල ද දැන් නත්තල් සැර­සි­ලි­ක­රු­වන් ආක්‍ර­ම­ණය කොට හමා­රය. නත්තල් සැර­සිලි කඩ­යක අලවා තිබූ ජයන්ත නිමල්ගේ නිර්මා­ණ­ය­කින් ලිපිය අව­සන් කරමි.
එහි වෙළෙ­න්දකු විසින් මෙවැනි ආරා­ධ­න­යක් කරනු ලැබේ.

කඳු වළ­ල්ලක බෑවුම ගාව
හීතලේ වෙවු­ල­මින් ඉනු කෝම
එන­වාද? නත්ත­ලට සෙයි­ල­මට
ආඩ­ම්බ­රෙන් ඉන්න හැම­දාම
සාමයේ ඉර­බ­ටුව හිස් මුදුනේ තියා­ගෙන
නත්තලේ තෑගි අත කර පුරා දරා­ගෙන
විදුලි බුබු­ලින් බැබ­ළෙ­මින් මැද සාල­යක
සාද­යක අමු­ත්තන් පිළි­ගන්න
මේ ආරා­ධ­න­යට නත්තල් ගස පිළි­තුරු දෙන්නේ මෙසේය.
අඳෝ­මැයි හිස පැලඳි වරු­ණාව
අහල ඇති­වෙලා මට ඔය පුරුදු වීණාව
නත්ත­ලම විකු­ණා­ගෙන කන්න ඔය කරු­ණාව
මුළු දියත එකලු කළ ඒ උතුම් දවස ගෙන
සරුව පිත්තල ඇඳුම් මහ රෑක පැල­ඳ­ගෙන
දේව මෙහෙ­යට ගිහින් සාමෙ නළ­ලත උලා
එන උන්ව පිළි­ගන්නේ කොහොම? හිත් දරා­ගෙන

වජිර ලිය­නගේ, ඡායා­රූප - විමල් කරු­ණා­ති­ලක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division